දරුවන්ගේ නාමයෙන් ඔය සම්බන්ධය නවත්තන්නැයි ඉල්ලුවා – දිලිනිව ගෙදරත් ගේනවා – බිරිඳ සියල්ල හෙළිකරයි

දවසක් මම මහත්තයාගේ හෑන්ඩ්ෆෝන් එක බැලුවම ඇඹිලිපිටිය පැත්තේ කෙල්ලෙක් එවපු මැසේජ් හතකුයි, ඒ කෙල්ලගේ පින්තූර වගයකුයි තියෙනවා දැක්කා. පස්සේ මම එයාට කිව්වා “ඔයාට ලොකු පුතෙක් ඉන්නවා නේද දරුවන්ගේ නාමයෙන් ඔය සම්බන්ධය නතර කරන්න” කියලා.

තිස් හැවිරිදි තරුණියක ගෙල සිඳ ම~රා, රබර් ගසක එල්ලී මි~ය ගොස් සිටි බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක අදිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි යන අයගේ බිරිය වන රමණි ක්‍රිෂාන්ති නමැති අය බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ ඉකුත්දා එසේ කියා සිටියාය.

ඇය වැඩිදුරටත් මෙසේද පැවැසුවාය.“දවසක් මහත්තයා මට කිව්වා එයා වැඩ කරන තැන කෙල්ලෝ කට්ටියක් අපේ ගෙදර එන්න අහනවා කියලා. එහෙම කියලා එයා ගෑනු ළමයින් දෙන්නෙක් එක්ක මෙහෙ ආවා.

ඇවිත් මගේ දුවත් එක්ක ඒ ගෑනු ළමයින්ව අරගෙන පරවියන් ඇල්ලට නාන්න ගියා. හැබැයි මට කිව්වේ මොනරාගල ළමයි කියලා. ඒත් මගේ පොඩි දුව ඇවිත් කිව්වා එයාලා ඇඹිලිපිටියේ අක්කලා කට්ටියක්.එක්කෙනෙක්ගේ නම තමයි දිලිනි කියලා. මේක ඇහුවට පස්සේ එයා ගෙදර ආවම මම එයාට හොඳටම බැන්නා.මම පැහැදිලිව දන්නවා මට කළේ බොරුවක් කියලා. ඒ දිලිනි කියන ළමයත් හොඳ චරිතයක් ඇති කෙනෙක් නෙමේ කියලා යාළුවකුත් මට කිව්වා.”

ඇය බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායක මහතා ඉදිරියේ හැඬ­ූ කඳුළෙන් එසේ පැවැසුවාය.රමණි ක්‍රිෂාන්ති තිදරු මවකි. ඇගේ ලොකු පුතාට වයස අවුරුදු 26කි.

රශ්මි දුවට වයස 17කි. උෟෂානිගේ වයස 11කි. ලොකු පුතා කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරයි. ඒ නිසා ඔහු කොළඹ නතරවී සිටී.

දිලිනි යසෝධා නමැති තරුණිය සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති ඇගේ සැමියා එම තරුණිය හංවැල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට රැගෙන ගොස් ඇගේ ගෙ~ල කඳෙන් වෙ~න් කර, කඳ කොටස බෑගයක දමාගෙන කොළඹ වේල්ල වීදියට රැගෙනවිත් දමාගොස් තිබිණි.

ඉන් අනතුරුව කරන ලද පරීක්‍ෂණයේදී සී.සී.ටී.වී. කැමරා ඔස්සේ කරන ලද විමර්ශනවලින් පසු පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ තරුණියගේ කඳ කොටස සහිත බෑගය වේල්ල වීදියෙන් දමා ඔහු යළි නිවෙසට ගොස් ඇති බවය. ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා ඇගෙන් ප්‍රශ්න කර සිටියේය.

තුන්වැනිදා රෑ 11.30ට විතර එයා ගෙදර ආවා. අතේ කළුපාට බෑගයකුත් තිබුණා. ඊට කලින් එයාට මගේ දුව කෝල් එකක් ගත්තා. එතකොට මහත්තයා දුවට කියලා තිබුණා එයා කොළඹ ඉන්නේ.

දවස් හතරකින් විතර ගෙදර එනවා කියලා. එහෙම කියලා තමයි තුන්වැනිදා රෑ ආවේ. මම රෑ බතුත් බෙදලා දුන්නා. හැබැයි කතාබහක් තිබුණේ නැහැ. ලොකු පුතාගේ කාමරයේ වෙනමම නිදාගත්තා.

පහුවදා උදේ නැඟිටලා මම දුවත් එක්ක බුත්තල පන්ති ගියා. ගිහින් 12ට විතර ගෙදර ආවත් මහත්තයා පේන්න හිටියේ නැහැ. රෑ වෙලා ගෙදර ආවා.

අපිට අයිස්ක්‍රීම් වගයකුත් ගෙනාවා. පස්සේ තමයි පොලිසියේ දෙන්නෙක් අපේ ගෙදර ආවේ. ඒපාර තමයි එයා ගෙදරින් යන්න ගියේ” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

ඉකුත් 27 වැනිදා හවස තුනට පමණ තම සැමියා බුත්තල බස් නැවතුම්පළේදී ලොකු දුවට මුණ ගැසී තිබෙනවා. එවිට සැමියා රශ්මි දුවට පවසා ඇත්තේ හදිසි වැඩකට ඔහු කොළඹ යන බවත්, ඒ බව තමාට පවසන ලෙසත්ය.

එයා හරිම වැරදියි. මම එයා හදාගන්න උත්සාහ කළා. ඒත් එයා ඇහැව්වේ නැහැ.” ඇය වැඩිදුරටත් පොලිසිය හමුවේ පැවැසුවාය.

ඇගේ ප්‍රකාශයක්ද පොලිසිය විසින් සටහන් කරගෙන තිබිණි.මොනරාගල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර, සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම යන මහත්වරුන්ගේ උපදෙස් මත බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන පවත්වති.

Next Post

සෞඛ්‍ය අංශ මගහරිද්දී හමුදාපති එම වගකීමත් බාරගනියි

Fri Mar 5 , 2021
කො_රෝනා මෘ_ත_දේහ භූමි_දානය කිරීමට අවසර දීමට රජය පසුගියදා තීරණය කල නමුත් එම වගකීම බාරගැනීමට සෞඛ්‍ය අංශ මෙතෙක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ගැටලු ගණනාවක් පැණ නැගී තිබූ බව වාර්ථා වේ. මේ හේතුවෙන් එම මෘ_ත_දේහ ගොඩගැසෙමින් තිබූ අතර එය බරපතල සෞඛ්‍ය ගැටලුවක් වීමට මත්තෙන් එම වගකීම යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මැදිහත්ව බාරගෙන තිබූ […]

Breaking News