මුත්‍රා ගල් දියකර හැරීමේ අපූරු හැකියාවක් ඇති හුරු නැති ගුණ ඇති අක්ක­පාන සම්බෝ­ලය

කුඩා කල අප පොත් ඇතුළේ දමා අක්කපාන කොළ මුල් ඇද්ද වූ හැටි ඔබට මතක ඇති. බහුල වශයෙන් ගල් තලා මත වර්ධනය වන අක්කපාන ගසේ කොළ ආහාරයට ගත හැකි බව බොහෝ දෙනා නොදන්න කරුණක්.

වර්තමානයේ අක්කපාන වැඩකට නැති ගහක් ලෙස හඳුන්වන්න පුරුදු වී සිටියත් එය ඖෂධීය ගුණයෙන් සපිරි ආහාරයට ගත හැකි ශාකයක්. නීරෝගීව ඉන්නත්, අවට පරිසරයේ වැවෙන ගහකොළවල උපරිම ප්‍රතිඵල ලබා ගන්නටත් පුරුදුව සිටි එකල ගැමියෝ අක්කපාන දුටුවේ රසගුණ පිරි ආහාරයක් ලෙසයි.

අවශ්‍ය ද්‍රව්‍ය – පිරිසුදු වතුරෙන් සෝදා ගත් අක්කපාන ළපටි දලු 50ක් – සිහින්ව ලියාගත් රතු ලූනු ගෙඩි 5-6ක් – ගම්මිරිස් තේ හැඳි 1/2ක් – සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 3-4ක් – නාරං ගෙඩියක් – කරපිංචා කොළ කිහිපයක් – ගාගත් පොල් – කරවල කුඩා කැබැල්ලක් – ලුණු අවශ්‍ය පදමට

රස රහස් – දෙහි වෙනුවට නාරං යුෂ දැමීමෙන් විශේෂ රසයක් පුළුස්සා ගත් කරවල එක්කිරීමෙන් සම්බෝලයට වැඩි රසයක්.

අක්කපාන ගුණ අගුණ මුත්‍රා ගල් දියකර හැරීමේ අපූරු හැකියාවක් අක්කපාන කොළ සතු බව ආයුර්වේදයේ සඳහන්. සිරුරේ විෂ නැසීමට සහ විවිධ මානසික ව්‍යාකූලතාවලටත් අක්කපාන කොළ ඖෂධයක් ලෙස භාවිත කෙරේ. සුවිශේෂී ගුණ රැසක් සහිත අක්කපාන දලු සම්බෝලය ඉඳහිට හෝ කෑමවේලට එක්කර ගත හැකි නම් ප්‍රතිඵල බොහෝය.

වෛද්‍ය මතය වන්නේ අක්කපාන සම්බෝලය නීරෝගී පුද්ගලයකු සති දෙකකට වරක් ආහාරයට ගැනීම ප්‍රමාණවත් බවයි. හදන්නේ මෙහෙමයි මුලින්ම අක්කපාන දලු වරකට කොළ 5 – 6ක් බැගින් ගෙන එකමත එක තබා ඉතා සිහින්ව ලියා ගන්න. කරපිංචා කොළ කිහිපයක් තලපයක් ආකාරයට සේ මිරිස් ගලක හොඳින් අඹරා ගන්න.

කරවල කැබැල්ල ලිපේ ගින්දරට දමා පුලුස්සා ගන්න (ගෑස් ලිපේ ගින්දරෙන් වුවද කළ හැකියි ). කරවල කැබැල්ල අවශ්‍ය පමණට පුලුස්සා ගෙන නිවෙන්නට හැර කුඩා කැබලිවලට කඩා ගන්න. මැටි භාජනයක් ගෙන එයට රතුලූනු, අමු මිරිස්, ගම්මිරිස්, අඹරාගත් කරපිංචා සහ ලුණු එක්කර එයට නාරං ගෙඩිය (ඇට නොවැටෙන සේ) මිරිකා ගන්න.

දැන් මෙය කුඩා ලී හෝ පොල්කටු හැන්දකින් හොඳින් මිශ්‍ර කර ගාගත් පොල්, පුලුස්සාගත් කරවල කැබලි සහ සිහින්ව ලියාගත් අක්කපාන දලුද එක්කර හොඳින් කලවම් කර පිළිගන්වන්න.

Next Post

‘නාඩගම්කාරයෝ’ මගේ අප්පච්චිගේ කතාව - තිර රචක සද්ධා කියන කතාව

Sat Mar 6 , 2021
පිටපත් රචකයකු, රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදකයකු වශයෙන් ක්‍ෂේත‍්‍රයේ නමක් දිනාගෙන සිටින සද්ධා මංගල සූරියබණ්ඩාර පිළිබඳ මේ දිනවල කාගෙත් අවධානය ලක් වන්නේ ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ‘නාඩගම්කාරයෝ’ හි තිර රචකයා වීමත් සමගයි. ඔබ මාධ්‍ය තුළ විවිධ භූමිකා නිරුපණය කරන චරිතයක්. අද ඔබ ගැන කතා කරන්නේ පිටපත් රචනය නිසා… පිටපත් රචකයකු හැටියට පිටපත් ලියන්න […]