වේල්ලවීදියේ බෑග් එකේ සිරුර තම බිරින්දෑවරුන්ගේදැයි දැන ගැනීමට පොලීසියට ඇමතුම් 200 ක් ඇවිත්

වේල්ලවීදියේ ගමන් බෑගයේ තිබී හමු වූ හිස නැති කාන්තාව හඳුනාගැනීමට මහජන සහය පතා ප්‍රසිද්ධ කළ දුරකථනයට පෙරේදා (2 වැනිදා) දිනයේ පමණක් දුරකථන ඇමැතුම් 200ක් පමණ ලැබී ඇත.

පැනගිය දියණියන් හා බිරින්දෑවරුන්ගේ සිරු_රුදැයි තහවුරු කරගැනීමට විවිධ පුද්ගලයන් මෙම දුරකථන ඇමැතුම් ලබාදී තිබේ.

මෙරටින් මෙන්ම විදෙස්ගතව සිටින අයගෙන් පවා වේල්ලවීදිය පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චිගේ දුරකථනයට මෙලෙස ඇමැතුම් ලැබී තිබේ.

මි_යගිය තරුණියගේ බාහිර ස්වරූපය අනුව තම දියණියගේද, බිරිඳගේද යන්න තහවුරු කර ගැනීම සඳහා ඇතැමුන් ඡායාරූප පවා පොලිිසියට එවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පෙරේදා (2 වැනිදා) මෙම සි_රුර ගැන තොරතුරක් ඇත්නම් දන්වන්නැයි මාධ්‍ය ඔස්සේ කළ ප්‍රචාරයෙන් පසු මෙම ඇමැතුම් ගලාවිත් ඇත.

– අරුණ

Next Post

ප්‍රේමසිරිගේ නංගිත් එතැනම - විස්තර තවත් හෙළි වෙයි

Thu Mar 4 , 2021
බුත්තල උප පොලිස් පරීක්ෂක අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි සිය විවාහක බිරිය හා දරුවන්ට ඇති ආදරයට බාධා වන මට්ටමට පැමිණි නිසා දිලිනි නමැති අනියම් පෙම්වතිය ම_රා දැමූ බව අවසන් සටහන බිරිය වෙනුවෙන් තබමින් සිය සිදුවීම සාධාරණීකරණය කර තිබේ. කෙසේ වෙතත් දැන් හෙළිවන තොරතුරු අනුව ඔහුට අනියම් පෙම්වතියන් තව ගණනාවක් සිටි බවට තොරතුරු […]

Breaking News