කහ අක්කර කාලෙන් රු. ලක්‍ෂ 10 ක අස්වැන්නක් ගත් ඇඹිලිපිටියේ උපාධිධාරී සුරේෂ්

අන්තර්ජාලය ඔස්සේ දැනුම ලබාගෙන අක්කර කාලක (1/4* බිමකින් රුපියල් ලක්ෂ 10 ක් වටිනා කහ අස්වැන්නක් ලබාගත් රටට ආදර්ශවත් උපාධිධාරී තරුණයකු පිළිබඳව ඇඹිලිපිටියෙන් වාර්තා වේ.

ඔහු රජරට විශ්වවිද්‍යාලයේ 2018 වසරේ තොරතුරු තාක්ෂණ උපාධිය ලබාගෙන විවේක අවස්ථාවල කහ වගාකර රටට ආදර්ශයක් ලබාදුන් ඇඹිලිපිටිය, පරණ දේවාල පාර, සුරේෂන් මධුෂාන්ය.

කෘෂි කර්මාන්තය පිළිබඳ කිසිම දැනුමක් නොතිබූ ඔහු අන්තර්ජාලය ඔස්සේ ලබාගත් දැනුම මත අක්කර 1/4 ක බිම් ප‍්‍රමාණයක කහ කි.ග‍්‍රෑම් 20 ක් වගාකර මෙම ඉහළ අස්වැන්න ලබාගෙන ඇත.

සිය රාජකාරි අතරතුර දිනකට පැය දෙකක පමණ කාලයක් කහ වගාව වෙනුවෙන් කාලය මිඩංගු කර මෙම අතිරේක ආදායම ලබාගත් බව සුරේෂන් කියයි.

අපි ඉගෙන ගන්නේ මහජනතාවගේ සල්ලිවලින්. ඉගෙන ගෙන උපාධියක් ගත්තු අපි ආණ්ඩුවෙන් රස්සා ඉල්ලා නොසිටිය යුතුයි කියන මතයෙයි මම ඉන්නෙ. අපි අපේ දැනුම රටේ දියුණුවටයි යෙදිය යුත්තේ.

පවතින්නේ මොන රජයක් වුණත් අපට කමක් නෑ. අපි අපේ දැනුම රටේ දියුණුවට යොදවන්න ඕන කියන මතයෙයි මම ඉන්නෙ. එහෙම වුණොත් රටක් ලෙස අපට දියුණු වෙන්න පුළුවන්’’ යැයි සුරේෂන් පැවසීය.

සුරේෂන්ගේ තාක්ෂණ දැනුම ඔස්සේ ඇඹිලිපිටිය නගර සභාවේ කසළ කළමනාකරණ ජංගම දුරකථන යෙදවුම මුලින්ම භාවිත කරන්නට අත දුන්නේ ඇඹිලිපිටිය නගර සභාවේ හිටපු නගරාධිපති ලලිත් ගමගේ මහතා ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව කහ වගා කිරීමේදී අක්කරයට බීජ කහ අල කි.ග‍්‍රෑම් 660 ක් අවශ්‍ය වන බව පැවසුවේ තරුණයාගේ කහ වගාව නැරඹීමට පැමිණි සුළු අපනයන භෝග වගා සංවර්ධන ආශ‍්‍රිත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාය.

කහ වගාවේදී බීජ හිඟය අපට තදින්ම බලපෑවා. එහෙත් සුරේෂන්ගේ සොයා ගැනීම අනුව අඩු බීජ ප‍්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ගත හැකියි.

මේ ක‍්‍රමය අනුව අක්කරයට බීජ කිලෝ සියයකටත් අඩු ප‍්‍රමාණයක් වුවමනා වෙන්නේ. දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත ප‍්‍රමාණය අක්කරයට කිලෝ 660 ක්. උපාධිය ලබා ගෙන රස්සා නොඉල්ලා දැනුම දෙන මේ වගේ තරුණයන්ගේ දැනුම රටේ දියුණුවට යොදවා ගැනීමට අපි වග බලා ගත යුතුයි. සුරේෂන්ගේ දැනුම කහ වගාවට යොදා ගත්තොත් අවම බීජ ප‍්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ගත හැකියි.

ඉන්දියාව වැනි රටවල් කරන්නේ ඒක. සුරේෂන්ගේ අත්දැකීම හරහා අපට කහවලින් රට ස්වයංපෝෂිත කිරීමේ ඉලක්කයට පහසුවෙන් යා හැකියි. ලංකාවේ කහ ලෝකයේ හොඳම කහ බවට පිළිගැනීමක් තිබෙනවා. අනික තමයි සුරේෂන් සම්ප‍්‍රදායෙන් බැහැරව නවීන තාක්ෂණයත් එක්ක ගනුදෙනුු කරන තරුණයෙක්.

කහ වගාව සම්බන්ධයෙන් නවීකරණය කර ගත් ඔහුගේ දැනුමත් තාක්ෂණ ඥානයත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා කහ වගාව සඳහා යොදා ගැනීමට මම නිලධාරීන්ට උපදෙස් දුන්නා යැයි ජානක වක්කුඹුර මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සුරේෂන් තරුණයා සමග ජායාරූපයකට මුහුණ දුන් අතර කහ වගාවේ කොටසක්ද ඡුායාරූපයේ වෙති.

ඡුායාරූපය හා සටහන – වලස්මුල්ල විශේෂ කේ. කෝට්ටගේ

Next Post

පසුගිය දා හැමෝම කතාවුන සමරිසි සිතාරා සහ ජෙනිෆර් විවාහයෙන් පසු ජායාරූප 20ක්

Mon Mar 1 , 2021
සිතාරා සඳමාලි ෆර්නැන්ඩෝ ශ්‍රී ලාංකික තරුණියකි. මෙරට උප්පත්තිය ලැබූවත් ඇය කුඩා කල සිටම හැදී වැඩුණේ බටහිර රටකය. ඒ තම දෙමව්පියන් සමගින්ය. ඇයට තව එක් සහෝදරියක් සිටී. කුඩා කල සිටම සිතාරා ගත කළේ අමුතුම ජීවිතයකි. ඇයගේ සිතුම් පැතුම් අන් තරුණියන්ට වඩා වෙනස් විය. ගති පැවතුම් ද එලෙසමය. කොටින්ම කියතොත් ඇය අන් […]

තවත් මෙවැනිම පුවත්..........