ශ්‍රීලනිපය තීරණයක් ගනියි – යෝජනාව නිමල් සිරිපාල ඇමතිගෙන්

පාස්කු ඉරිදා සිදුවීම විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව අද ඒකමතිකව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කළ යෝජනාවක් විධායක කමිටුව ඒකමතිකව සම්මත කළ බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට එල්ල කර තිබෙන චෝදනා පදනම් විරහිත බව ද නිදහස් පක්ෂ විධායක කමිටුව එම යෝජනාවෙන් තීරණය කර තිබේ.

නිදහස් පක්ෂයේ විධායක කමිටුව අද තීරණය කර ඇත්තේ, ගැසට් පත්‍රයකින් කොමිෂන් සභාවට පවරා දී තිබූ බලය යම් යම් අවස්ථාවලදී අතික්‍රමණය කර අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ලේකම් ලෙස රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරු නැවත වරක් පත්කිරීමට අද (25දා) සවස රැස්වූ පක්ෂයේ විධායක සභාව තීරණය කර ඇත.

ජනාධිපති විමර්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් නීතිපතිවරයාට ජනාධිපති ලේකම් විසින් අද(25දා) යවා ඇත

Next Post

ගැසට් පත්‍රය මෙන්න - අත්සන් කලේ ජනපති නෙමේ

Thu Feb 25 , 2021
කො_රෝ_නා වෛ_රසය ආ_සාදිත ම_ළ සි_රු_රු භූමදානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.අදාළ ගැසට් නිවේදනය පහතින්. ශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවි_ෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News