ගැසට් පත්‍රය මෙන්න – අත්සන් කලේ ජනපති නෙමේ

කො_රෝ_නා වෛ_රසය ආ_සාදිත ම_ළ සි_රු_රු භූමදානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.අදාළ ගැසට් නිවේදනය පහතින්.

ශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවි_ෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (25) කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා පැවසීය .

මෙම එන්නත් තොගය ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් අද දින දහවල් 1.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබිණි.

මෙම එන්නත් තොගය සමඟ ගුවන් මගීන් 14 දෙනෙකු සහ තවත් ගුවන් භාණ්ඩ තොගයක් ද රැගෙන එනු ලැබිණී.මෙම එන්නත් තොගය ගුවන් යානය තුළ ද ශීතකරණ පහසුකම් යටතේ ගබඩා කර , රැගෙන පැමිණ තිබූ අතර, කටුනායක ගුවන් තොටුපළේ දී මෙම එන්නත් තොගය ගොඩ බෑ සැනින් ද , ආනයන ගුවන් භාණ්ඩ ගබඩා සංකීර්ණයේ ශීතකරණ තුළ තැන්පත් කිරීම සිදු විය.

ඉන්පසුව මෙම එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ මධ්‍යම ගබඩාව වෙත ප්‍රවාහනය කෙරිණි.

Next Post

කහ අක්කර කාලෙන් රු. ලක්‍ෂ 10 ක අස්වැන්නක් ගත් ඇඹිලිපිටියේ උපාධිධාරී සුරේෂ්

Sat Feb 27 , 2021
අන්තර්ජාලය ඔස්සේ දැනුම ලබාගෙන අක්කර කාලක (1/4* බිමකින් රුපියල් ලක්ෂ 10 ක් වටිනා කහ අස්වැන්නක් ලබාගත් රටට ආදර්ශවත් උපාධිධාරී තරුණයකු පිළිබඳව ඇඹිලිපිටියෙන් වාර්තා වේ. ඔහු රජරට විශ්වවිද්‍යාලයේ 2018 වසරේ තොරතුරු තාක්ෂණ උපාධිය ලබාගෙන විවේක අවස්ථාවල කහ වගාකර රටට ආදර්ශයක් ලබාදුන් ඇඹිලිපිටිය, පරණ දේවාල පාර, සුරේෂන් මධුෂාන්ය. කෘෂි කර්මාන්තය පිළිබඳ කිසිම […]