හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහි පලමු අවස්ථාව – සිරිසේන ජනාධිපතිට වැඩ වැරදෙයි

පාස්කු සිදුවීමට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට අප_රාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ඉරිදා සිදුවීම පිළිබඳව විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

පාස්කු ඉරිදා සිදුවීමට සම්බන්ධ ජනාධිපති විමර්ෂණ වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දෙනු ලැබුවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

ජනාධිපති කොමිෂන් සභාවට ලද සාක්ෂි පදනම් කර ගනිමින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අප_රාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා වෙත නිර්දේශ කර ඇති බවයි.

මෙරට කොමිෂන් සභාවක් විසින් හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අප_රාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කළ පලමු අවස්ථාව මෙය වනවා. 

Next Post

වසර 34ක් සුක්කානම කරකැවූ බස් එකේ ටටා මාමාට මගීන් කරපු දේ....

Thu Feb 25 , 2021
පුරා වසර 34ක් යටිනුවර ලංගම ඩිපෝවේ සේවය කළ ටී.ජී. පියසේන මහතාට එම ප්‍රදේශයේ මගී ජනතාව විසින් ඊයේ (23) යටිනුවර ඩිපෝ පරිශ්‍රයේදී උපහාර පුද කළහ. ටටා මාමා ලෙස කුඩා දරුවන් ඔහු හඳුන්වන්නේ බසයෙන් බැස යන කුඩා දරුවන්ට ‘ටටා’ කියා අතවැනීම නිසාය. කිසිදිනක පාසල් සිසුවකු මග දමා නොයන මේ රියැදුරු කඩුගන්නාවේ සිට […]