කලින් කසාදේ මඟහැර සිටි ටෙලි නාට්‍ය නළුවා

අධි_කරණ නියෝග නොසලකමින් සිය බාල_වයස්කාර පිරිමි දරුවන් දෙදෙනාට නඩත්තු මුදල් ගෙවීම හිතාමතා පැ.හැර හරිමින් අධි_කරණය මඟ හැර සිටින ටෙලි නාට්‍ය නළු ගයාන් ප්‍රසාද් වික්‍රමතිලක ඊයේ(22දා) වැනිදා න_ඩුව මහර අංක එක අධි_කරණයේදී යළි කැඳවූ අවස්ථාවේදීද අධි_කරණයට ඉදිරිපත් වී නොසිටි බැවින් නැවත වාරයක් සිතාසි නිකුත් කරන්නැයිද එම සිතාසි ඔහු විසින් ලබාදී ඇති පන්නිපිටිය ලිපිනයට ලැබීමට සලස්වන ලෙසද මහර අංක එක අතිරේක ම_හෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ(22දා) වැනිදා මෙම න_ඩුව යළි කැඳවූ අවස්ථාවේදී නි_යෝග කළේය.

අවුරුදු 11/10 වයස් කාණ්ඩවල පසුවන දරුවන්ට මසකට එක් අයකුට රුපියල් 15,000 බැගින් දරුවන් දෙදෙනාට මසකට රුපියල් 30,000ක මුදලක් ගෙවිය යුතුව ඇති අතර වසර 5කට අධික කාලයක් ඔහු දරුවන්ට නඩත්තු මුදල් ගෙවීම මෙලෙස පැ_හැර හැර ඇත.

අග_තියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා අධි_කරණය ඉදිරියේ කරුණු දැක්වීය.

කරුණු සැලකිල්ලට ගත් මහෙ_ස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මෙම න_ඩුව මාර්තු මස 22 වැනිදා යළි කැඳවීමට නි_යෝග කරමින් අධි_කරණයට ලබාදී ඇති පන්නිපිටිය ලිපිනයට නැවත වාරයක් සිතාසි නිකුත් කරන ලෙස නි_යෝග කළේය.

Next Post

ජාත්‍යන්තරය ඉදිරියේ රෙදි ගැලවෙන ලාංකේය ෆේස්බුක් සද්භාවය

Tue Feb 23 , 2021
FOX 2 නාළිකාවේ මාධ්‍යවේදිනියක් මෙන්ම එම නාළිකාවේ කාලගුණ වාර්තාව ඉදිරිපත් කරනු ලබන ඇන්ජෙලා හටී (Angela Hutti) සිය Facebook ගිණුම ශ්‍රී ලංකාවේ Facebook පරිශීලකයන් සඳහා අවහිර කර තිබෙනවා. ඇයගේ නමට සමාන වන වචනයක් සිංහල භාෂාවේ පැවැතීම හේතුවෙන්ෆේ මෙරට Facebook පිටු කිහිපයක් විසින් ඇයගේ නම යොදාගෙන විවිධ ආකාරයේ ලිපි පළ කළ අතර […]

Breaking News