අතිශයින් අසමාන මෙන්ම අසාධාරණයි – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ

කො_වි_ඩ් එන්නත ලෝකයේ රටවල් අතර බෙදීගොස් ඇති ආකාරය ‘අතිශයින් අසමාන මෙන්ම අසාධාරණ’ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දැඩිව වි.වේචනය කර තිබේ. ඔහු පෙන්වා දී ඇත්තේ සියලු එන්නත්වලින් 75%කට අධික ප්‍රතිශතයක ආධිපත්‍යය රටවල් 10ක් අත රැඳී ඇති බවය. හැකි ඉක්මනින් සියලු රටවල සියලුම ජනතාවට එන්නත ලබාදීම සඳහා ගෝලීය වශයෙන් උත්සාහයක් ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ පෙරේදා (17දා) පැවැති ඉහළ පෙළේ රැස්වීමක් අමතමින් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ප්‍රකාශ කර ඇත්තේ රටවල් 130කට මේ වන තෙක් එකදු එන්නත් මාත්‍රාවක් හෝ ලැබී නොමැති බවය. මේ බරපතළ අවස්ථාවේ ගෝලීය ප්‍රජාව ඉදිරියේ ඇති දැවැන්තම සදාචාර පරීක්ෂණය වන්නේ එන්නත් සමානාත්මතාව වන බව ගුටරෙස් සඳහන් කරයි. එන්නත් බෙදීයෑමේ සමානාත්මතාවක් ඇති කිරීම සඳහා කඩිනම් ගෝලීය එන්නත්කරණ සැලසුමක් සකස් කරන ලෙසට ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා – විද්‍යාඥයන්, එන්නත් නිෂ්පාදකයන් සහ මූල්‍ය සහාය දිය හැකි පාර්ශ්වවලින් ඉල්ලා සිටියේය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය සම්පාදනය කිරීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කරන ලෙස ඔහු G – 20 කණ්ඩායමෙන් ඉල්ලීමක් කළේය. ඔහු පෙන්වා දුන්නේ ලෝකයේ ප්‍රධාන කාර්මික රටවල් වන ඇමෙරිකාව, ජර්මනිය, ජපානය, බි්‍රතාන්‍යය, ප්‍රංශය, කැනඩාව සහ ඉතාලිය යන රටවල්වලට මෙම ක්‍රියාවලියට අවශ්‍ය මූල්‍ය සම්පත් සඳහා දායක විය හැකි බවය. 

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තා අනුව මේ වනවිට කො_වි_ඩ් වයිරසය හේතුවෙන් ලෝකයේ වැසියන් ලක්ෂ 24කට අධික සංඛ්‍යාවක් මිය.ගොස් ඇති අතර ලක්ෂ 1,090කට වයිරසය ආසාදනය වී තිබේ. මේ අතර දිළි¾දු රටවලට කො_වි_ඩ් එන්නත ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හ¾දුන්වා දුන් Co-vax වැඩසටහනේ අරමුණුද මේ වන විට අසාර්ථක වී ඇති බවට සාකච්ඡා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ 2021 වසර සඳහා Co-vax වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් අවශ්‍ය බවය. ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් යළිත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව සිටින අතර ඇමෙරිකාව, ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් ලබාදෙනු ඇතැයි විශ්වාස කෙරේ.

මේ අතර කොවැක්ස් වැඩසටහන සඳහා එන්නත් මාත්‍රා මිලියන 10ක් ලබාදීමට චීනයද එකඟතාව පළ කර තිබේ.

Next Post

වතුර උගුරුක් බිව්වහම කෝටිපතියෝ වෙන අද්භූත කළුමල් පොකුණේ අභිරහස් කතාව

Fri Feb 19 , 2021
මේ කතාව දැන් දවස් දෙකක් තිස්සේ ෆේස්බුක් group වල සහ pages වල share වෙනවා දැක්ක නිසයි මේ ගැන හොයලා බලන්න හිතුවේ. ඇත්තටම මේක මුලින් දැක්කේ අඩයාලම group එකේ. මොකක්ද මේ කලුමල් පොකුණ ? එතන තිබ්බ විස්තරය අනුව නම්,ඉස්සර රජ කාලේ රජවරුන් අතර ප්‍රසිද්ධ හැබැයි රහස් ස්ථානයක් ලෙසයි කළු මල් පොකුණ […]