මේ කතාව දැන් දවස් දෙකක් තිස්සේ ෆේස්බුක් group වල සහ pages වල share වෙනවා දැක්ක නිසයි මේ ගැන හොයලා බලන්න හිතුවේ. ඇත්තටම මේක මුලින් දැක්කේ අඩයාලම group එකේ.
මොකක්ද මේ කලුමල් පොකුණ ?
එතන තිබ්බ විස්තරය අනුව නම්,ඉස්සර රජ කාලේ රජවරුන් අතර ප්රසිද්ධ හැබැයි රහස් ස්ථානයක් ලෙසයි කළු මල් පොකුණ හැඳින්වෙන්නේ. මෙය තිබිලා තියෙන්නේ සිංහරාජ අඩවිය පැත්තේ කන්දක කියලයි කියන්නේ. මෙයට ඒ කාලේ සිටම සමානය ජනතවාට යාම තහනම් වෙලා තිබුනලු. ඒ කියන්නේ රජ්ජුරවන් විතරලු ගිහින් තියෙන්නේ. ඒකට හේතුව ලෙස සඳහන් වෙන්නේ, මේ පොකුණෙන් වතුර උගුරක් බිව්වහම ‘ ධනපතියෙක් වීමේ වාසනාව උදාවෙන” නිසාලු.
මේ සමගම Pramuka TV නම් Youtube channel එක කරන මල්ලිලා පිරිසක් මෙම ස්ථානය වෙත ගිහින් තිබුනා. ආටිකල් එක කියවද්දී මේක මිත්යාවක් කියලා හිතුවත්, මෙයාලගේ වීඩියෝ එක බැලුවහම නම් හිතෙන්නේ මේක ඇත්ත කතාවක් කියලා.
මොනා නැතත් මේ මල්ලිලා මේ වීඩියෝ එකේ කොහෙවත් මේ ස්ථානය ගැන සදහනක් කරන්නේ නැහැ. ඒක නම් ලොකු දෙයක්. නැත්තන් අපේ මිනිස්සු රැල්ලට ඔව්වා පස්සේ ගිහින් මේ ඓතිහාසික වටිනාකමක් තියන ස්ථානයත් විනාශ කරලයි නතර වෙන්නේ.