මෙරටට ආනයනය කර ඇති එන්නත් කැබිනට් ඇමැතිවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද හො_ර ර_හ_සේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ චෝ_ද_නා කරයි.
ඊයේ (17 වැනිදා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම චෝ_ද_නාව එල්ල කළේය.එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
පෙරේදා (16 වැනිදා) තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ එන්නත ලබාදෙන්න කියලා නිල වශයෙන් කිව්වේ. මේ එන්නත ලබාගන්න ආපු අයගේ නම් ජනමාධ්‍ය පෙන්නුවා. නමුත් කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් උදය ගම්මන්පිල මහත්තයාගෙන් අහනවා ‘ඔබතුමාත් මේක ලබාගත්තද?’ කියලා.
එතුමා කියනවා ‘ඔව්’ මම ලබාගත්තා කියලා. හැබැයි මාධ්‍ය මගින් කියපු ලැයිස්තුවේ එතුමාගේ නම තිබුණේ නැහැ. ඒ නිසා අපි අනුමාන කරනවා මේ වෙනකොට කැබිනට් ඇමැතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල බිරින්දෑවරුන්ට සහ ළමයින් හො_ර ර_හ_සේ මේක ලබාගෙන තියෙනවා කියලා. මාධ්‍යට හෙළිකරන ලැයිස්තුවේ මේ කට්ටියගේ නම් නැහැ.
මේක සදාචාරාත්මකද? ඒ නිසා ප්‍රභූවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හො_ර ර_හ_සේ එන්නත ලබාදීමේ ක්‍රියාවලියෙන් ආණ්ඩුව ඉවත්විය යුතුමයි.”
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා අද (18) එන්නත විද ගැනීම පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.ඒ ජයසූරිය මහතා මෙම එන්නත විද ගත්තේ කුමන කාණ්ඩය යටතේ ද යන්න පිළිබඳව නැගෙන ප්රශ්නය මුල්කොටගෙනය.
ජයසූරිය මහතා එන්නත විද ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජගත වී තිබේ.මේ වනවිට එන්නත ලබාදෙන කිසිදු කාණ්ඩයකට 51වැනි වියේ පසුවන ජයසූරිය මහතා අයත් නොවේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන ජයසූරිය මහතා මෙම එන්නත ලබා ගත්තේ ඒ වරප්‍රසාද යටතේ ද යන ප්රශ්නය පැන නැගෙමින් තිබේ.
එහෙත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත විදීමේදී ප්‍රමුඛතාවයක් ලබා දෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කොට නොමැත.