පළමු නියෝජ්‍ය පොලිස්පතිවරියට එරෙහි පෙත්සම සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් දේවානි පෙරට

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය වශයෙන් ඉකුත් දා පත් වූ බිම්ශානි ජාසිංආරච්චි මහත්මියගේ එකී උසස්වීමට අභියෝග කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙනෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරී දේවානී ජයතිලක මහත්මිය අදහස් පළ කර තිබේ.

ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ, “ඒක හරි ම ආසාධාරණයක්,” බවය.

ඇය ඒ සම්බන්ධයෙන් තැබූ සටහන පහත දැක්වේ.

“ඒක හරි ම අසාධාරණයක්. ආයතන සංග්‍රහයේ කිසි ම තැනක කාන්තාවන් කියලා නිලධාරීන් වෙන් කරලා නෑ . නමුත් කාන්තාවන් කියලා වෙනස් කරලා සැලකීම හැමවිට ම දකින්න තියනවා. අදාළ රාජකාරි කළ හැකි නම් කාන්තා නිලධාරීයෙකු වීම කෙසේවත් උසස්වීම් ලබා නොදීමට හේතුවක් නොවිය යුතුයි.”

Next Post

ආවේ මෙරට 50 වැනි නිදහස් දිනය සමරන්න - ආචාර දැක්වීමට වල් බල්ලෙකුත් ඇවිත් - දළදා මාලිගාව වෙනුවට පිරිමි යට ඇඳුම් නිෂ්පාදනාගාරයක් පෙන්නලා

Wed Feb 17 , 2021
බ්‍රිතානයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු 1998 වර්ෂයේදී තමා ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුර මුහුණ දීමට සිදුවූ හාස්‍යජනක සිදුවීම් රැසක් සිහිපත් කර ඇත. එක්සත් රාජධානියේ එක්ස්ප්‍රස් (Express) පුවත්පත අතීතය සිහිපත් කරමින් පළකර ඇති වාර්තාවකට අනුව චාල්ස් කුමරු එම සංචාරයේ නිරතව ඇත්තේ ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 50 ක් සපිරීම හේතුවෙන් සංවිධානය […]