හරීන් – මනූෂ – මහින්දානන්ද – අනුර කුමාර එන්නත එපා කිව්වේ ඇයි?

අද (16) දිනයේ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 19 දෙනෙකු කො_විඩ් එන්නත ලබා ගත් බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

කළ විමසීමකදී වේත්‍රධාරීවරයා සඳහන් කළේ, සිකුරාදා (19) දිනය දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කො_විඩ් එන්නත ලබා දීම සිදු කෙරෙන බවය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කො_විඩ් එන්නත ලබා දීමේ වැඩසටහන අද (16) නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී ආරම්භ කෙරිණි.

කෙසේ වෙතත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු, මුජිබර් රහුමාන්, අනුර කුමාර දිසානායක, හරිනි අමරසූරිය සහ විජිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළහ.

ඔවුන් සඳහන් කළේ, එන්නත ඔවුන්ට ලබා දීමට ප්‍රථම කො_විඩ් වැළඳීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් වෙත එය ලබා දිය යුතු බවය.

Next Post

අද සිට Full Face වලට කේස් බෑ - අභියාචනාධිකරණයෙන් පොලිස්පතිවරයාට උපදෙස්

Tue Feb 16 , 2021
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස  නීතිපතිවරයා විසින්  පොලිස්පතිවරයා වෙත   උපදෙස් ලබාදී ඇතැයි  අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා  අද (16) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය. වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග නැමැති යතුරුපැදිකරුවෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ […]

Breaking News