මීට මොහොතකට කලින් ජනපති ඉදිරියේ නව ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි

විෂය භාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කරනු ලැබ සිටී.

වැඩබලන ඇමතිවරයා අද (16දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා වෙයි.

රොෂාන් රණසිංහ මහතා  පළාත් සභා හා පලාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර තිබේ.

ඔහු මින් පෙර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවීය.

රණසිංහ මහතා  අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය.

Next Post

හරීන් - මනූෂ - මහින්දානන්ද - අනුර කුමාර එන්නත එපා කිව්වේ ඇයි?

Tue Feb 16 , 2021
අද (16) දිනයේ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 19 දෙනෙකු කො_විඩ් එන්නත ලබා ගත් බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. කළ විමසීමකදී වේත්‍රධාරීවරයා සඳහන් කළේ, සිකුරාදා (19) දිනය දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කො_විඩ් එන්නත ලබා දීම සිදු කෙරෙන බවය.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කො_විඩ් එන්නත ලබා දීමේ වැඩසටහන අද (16) නාරාහේන්පිට යුද්ධ […]

Breaking News