1972 මැයි මස 28 වැනි පාසල නිමවී නිවසට යමින් සිටි පහළොස් හැවිරිදි පී. ඩී. කුසුමාවතී කිසියම් පිරිසක් විසින් මහ මඟදී පැහැ රගෙන ගොස් තිබුණි. ඒ ඇය කළුතර දිස්ත්‍රික්කයේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳ දින කීපයක් ගත වූ අවස්ථාවකදීය.
පී. ඩී. සුමතිපාල නම් තරුණයා විසින් සිය නැගණියව සොයාගෙන නීතිය ඉදිරියට ගියත් ඔහුට පිහිටක් නොලැබුණු අතර ඝා’. තනය වී සිටි සිය නැගණිය වෙනුවෙන් සාධාරණය සොයා යමින් සිටි සමුතිපාල විසින් සිය නැගණියට කරදර කළ මරා දැමූ පිරිස සොයා ඝා’. තනය කිරීමට පටන් ගත්තේ ය.
ඉහත කතාව සමාජය තුළ වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති කතාවක් වන අතර පී. ඩී. සුමතිපාල හෙවත් හිතුමතේ ජීවිතේවද නොදන්නා පුද්ගලයෙකු නොමැත.
නමුත් ඉහත කතාව පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීමට නෙත් බැලුම්ගල වැඩසටහන සමත්ව තිබෙන අතර එහිදී දුෂ.’ණය කර ම’. රා දමා පුළුස්සා දැම්මා යැයි කී පී. ඩී. සුමතිපාල හෙවත් හිතුමතේ ජීවිතේගේ නැගණිය ජීවත්ව සිටියදී සොයා ගැනීමට ඔවුනට හැකිව තිබේ.
මෙලෙස ම’. රා දැම්මා යැයි කියූ පී. ඩී. කුසුමාවතී මහත්මිය මේ වන විට දංකොටුව ප්‍රදේශයේ ජීවත් වන බවටද එම වැඩසටහනේ පිරිස සොයා ගෙන තිබුණි.
එහිදී ඇය නෙත් බැලුම්ගල වැඩසටහනට එක්වෙමින් කියා තිබුණේ “හිතුමතේ ජීවිතේගේ නංගී මමයි..එකම නංගී කෙනයි ඉන්නේ.. අයියලා තුන්දෙනෙකුට ඉන්නේ මම විතරයි..” යනුවෙන් ද ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ පී. ඩී. සුමතිපාල හෙවත් හිතුමතේ ජීවිතේ නම් තැනැත්තා විසින් මාධ්‍ය වෙත බොරු කියා ඇති බවයි.
එහිදී ඇය කියා සිටියේ “අපි පත්තර කන්තොරු මාධ්‍ය ආයතනවලට ගිහින් කිව්වා මේක ප්‍රචාරය කරන්න එපා මේක බොරුවක් කියලා..පොඩි අයියයි මමයි දෙන්නම තමයි හැමතැනටම ගියේ..එතකොට අපිට සාධාරණයක් වුණේ නැහැ..” යැයිද ඇය සඳහන් කර සිටියේය.
තමන් ඇතුළු සහෝදරයන් මේ නිසා ලැජ්ජාවට පත් වුණු බවත්, තමන්ගේ දෙමාපියන් ගැන පවා සිය සහෝදරයා බොරු කියා ඇති බවද පී. ඩී. කුසුමාවතී මහත්මිය එම වැඩසටහනේ දී ප්‍රකාශ කර තිබුණි.