ලක් දන සතුටු වන ක්‍රිකට් වසන්තය උදා වෙයි – අසමත් වූ ක්‍රීඩකයෝ නැවතත් පරීක්‍ෂණයෙන් සමත් වෙයි

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා පසුගිය සතියේ පැවැති කිලෝ මීටර් දෙකක් දිවීමේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්වූ ක්‍රීඩකයින් වෙනුවෙන් අද (16 වැනිදා) පැවැති දෙවැනි පරීක්‍ෂණයේදී ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ ඉන් සමත් වූහ. 

සිය විවාහ උත්සවය හේතුවෙන් පළමු ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට එක්වීමට නොහැකිවූ කුසල් මෙන්ඩිස් ද අද පැවැති පරීක්‍ෂණයට එක්වී ඇති අතර ඔහුද එම පරීක්‍ෂණයෙන් සමත්වී තිබේ.

මිනිත්තු 8 යි තත්පර 35 ක කාලයක්තුළ කිලෝමීටර 2 ක දුරක් ධාවනය කිරීමට ක්‍රීඩකයන්ට නියම වූ අතර එහිදි මිනිත්තු 8 යි තත්පර 23 ක කාලයකදී ධනුෂ්ක ගුණතිලකද, මිනිත්තු 8 යි තත්පර 27 ක කාළයක් තුලදී භානුක රාජපක්ෂද කිලෝමීටර 2 ක දුර සම්පූර්ණ කිරීමට සමත්වූහ.

මිනිත්තු 8 යි තත්පර 18 ක කාලයකින් කිලෝමීටර 2 ක දුර ප්‍රමාණය සම්පූර්ණ කරමින් කුසල් මෙන්ඩිස් ද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් විය.

පසුගිය සතියේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ කුසල් ජනිත් පෙරේරා සහ ආබාධයක් හේතුවෙන් පසුගියදා පැවැති යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී නොවූ අවිශ්ක ප්‍රනාන්දු ඉදිරි දිනකදී යළිත් මෙම පරීක්ෂණය සදහා මුහුණ දීමට නියමිත බව වාර්තා වෙයි.

Next Post

මීට මොහොතකට කලින් ජනපති ඉදිරියේ නව ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි

Tue Feb 16 , 2021
විෂය භාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කරනු ලැබ සිටී. වැඩබලන ඇමතිවරයා අද (16දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා වෙයි. රොෂාන් රණසිංහ මහතා  පළාත් […]