සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට(16) සිට කො_රෝනා මර්දන එන්නත ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
එන්නත ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ යුද හමුදා රෝහල වෙත උදෑසන 8.30ත් 12.00ත් අතර පැමිණිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.ඒ අනුව, 16, 17, 18 සහ 19 යන දිනවලදී කොරෝනා මර්දන එන්නත ඔවුන්ට ලබාදෙනු ඇත.
මීළඟ පාර්ලිමේන්තු රැස්වීම ලබන සතියේ අඟහරුවාදා දිනයේදී පැවැත්වීමට නියමිතය.ඒ අනුව හෙට දිනයේ සිට යුද හමුදා රෝහලේ දී මන්ත්‍රීවරුන් හට එම එන්නත ලබා ගැනීමට හැකියාව පවතින බවට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ අවධානම් සහිත ප්‍රදේශවල ජිවත්වන ජනතාව සහ වැඩි වශයෙන් මහජනතාව සමග නිරාවරණය වන කොටස් ඉලක්ක කර ගනිමින් කො_රෝනා එන්නත ලබාදීම කටයුතු කරන බවයි.