ජීවිතයේ මුල්වරට පාසැලට යමින් සිටි පාසැල් ශිෂ්‍යයෙක් බදුල්ල ඉන්ධන පිරවුම්හල ඉදිරියේදි අද (15) උදේ 7.20 ට කන්ටේනර් ලොරියක ගැටී සිදුවූ අනතුරකින් ජීවිත ක්ෂයට පත්වූ බව බදුල්ල පොලිසිය පොලිසිය පවසයි.මර.ණයට පත්ව ඇත්තේ බදුල්ල අසේලපුර පදිංචිව සිටි සිවනේෂන් වරුන් ප්‍රදීෂ් (6)නැමති බදුල්ල සරස්වතී කනිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ශිෂ්‍යයෙකි.
ශිෂ්‍යයාගේ මිත්තනිය මෙම දරුවාත් ඔහුගේ නිවුන් සොයුරාත් සමග පාසැල බලා ගමන් කරමින් සිටියදී බදුල්ල ඉන්ධන පිරවුම් හල ඉදිරියේදී මෙම අනතුර සිදුව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.මෙම අනතුරේදි මිත්තනියට ද බරපතල තුවාල සිදුව ඇති නමුත් අනෙක් නිවුන් දරුවාට අනතුරක් සිදුව නැත.
අනතුරෙන් බේරුණු දරුවාද අද දින මුල් වරට පාසැල් යමින් සිටියේය. තුවාල ලැබූ මිත්තනිය බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබේ.අනතුර සිදුකළ කන්ටේනර් ලොරිය හා එහි රියදුරා අත්අ.ඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Next Post
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට කොරෝනා එන්නත
Mon Feb 15 , 2021
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට(16) සිට කො_රෝනා මර්දන එන්නත ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. එන්නත ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ යුද හමුදා රෝහල වෙත උදෑසන 8.30ත් 12.00ත් අතර පැමිණිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.ඒ අනුව, 16, 17, 18 සහ 19 යන දිනවලදී කොරෝනා මර්දන එන්නත ඔවුන්ට […]

තවත් මෙවැනිම පුවත්..........
-
September 21, 2020
කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු දැන් කියන කතාව
-
September 24, 2020
ලොකු අප්පච්චිට හිනාවක් දියන් පුතේ (VIDEO)
-
June 18, 2020
2011 ලෝක කුසලානය වික්කා – මහින්දානන්ද