නිවන් සුව පතන්නේ නෑ – සහෝදර කලාකරුවන්ගේ සෝ සුසුම් මැද ජයලාල් සමුගනී (ජායාරූප)

සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත ජයලාල් රෝහණ මහතාගේ අවමංගල්‍යය බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද සවස සිදු කෙරිණ.

සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත ජයලාල් රෝහණ මහතාගේ අවමංගල්‍යය බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද සවස සිදු කෙරිණ.

ජයලාල් රෝහණ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ඊයේ පස්වරුවේ කොළඹ සුදර්ශි ශාලාව වෙත රැගෙන යනු ලැබීය. දේහය අද ප.ව. 4.00 දක්වා ඒහි තැන්පත් කර තිබිණ.

කලක් රෝගී තත්වයෙන් පසු වූ ජයලාල් රෝහණ මහතා මියයන විට පසුවූයේ 56 වැනි වියේ. ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු අවමංගල්‍යය සභාව පැවැත්විණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවුඩය, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය.කලාකරුවන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට ඒක්වූහ. අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබීය.



















Next Post

අපේ රටේ අධිවේගී ලාංකිකයන් බිහිකරන ඉතාලි ජාතික ධාවන පුහුණුකරු ක්ලවුඩියෝ

Sun Feb 14 , 2021
සුගත් සහ සුසීලාගේ යුගයෙන් පසු ජාත්‍යන්තර ප්‍රධාන මලල ක්‍රීඩා ධාරාවේ ශ්‍රී ලංකා නාමය නියෝජනයකට පමණක් සීමාවූ කලෙක, අපේ රටේ දස්කම් වෙනුවෙන් දහදිය හෙළන ඉතාලි ජාතිකයකු ගැන පවසන්නේ ආඩම්බරයෙනි. නමින් ක්ලවුඩියෝ ලිචර්දෙල්ලෝ වූ ඔහු මෑතදී බිහිවුණු මීටර් 100, මීටර් 60 ශ්‍රී ලංකා වාර්තා ගෙනදුන් යුපුන් අබේකෝන්ගේ සහ ගෘහස්ථ මීටර් 200 වාර්තාව […]