රංගන ශිල්පියෙක් ඒත් පලමු උපාධිය රසායන විද්‍යාවට – අවසන් පැයේ ජයලාල් මහතාගේ ජීවිතය ගෙවුන හැටි (ජායාරූප)

රවීණ වේදිකා සහ ටෙලිනාට්‍ය ශිල්පියකු වන ජයලාල් රෝහණ ඊයේ (11) රාත්‍රියේ රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.මිය යන විට ඔහු 56 වැනි වියේ පසුවිය.

ඔහු රංගන ශිල්පියකු, නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු, ගුවන් විදුලි පිටපත් රචකයකු, දේශකයකු, ගුරුවරයකු, ලේඛකයකු මෙන්ම වේශ නිරූපන ශිල්පියකු ලෙසින් ද ලාංකේය කලා ක්ෂේත්‍රයට සිය දායකත්වය සැපයීය.

ජයවර්ධන පුර කෝට්ටේ ඉපදී හැදී වැඩුණු ඒ මහතා මූලික අධ්‍යාපනය හදාරන ලද්දේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙනි. 1980 වසරේදී උසස් පෙළින් සමත් වූ ඔහු අනතුරුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේය. එහිදී ආචාර්ය ගාමිණී හත්තෙට්ටුගම, මහාචාර්ය ඈෂ්ලි හල්පෙ යන වියතුන් සමග කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි. වේදිකා නාට්‍යය රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස සිය දායකත්වය දැක්වීමට ඔහුට අවස්ථාව හිමිවිය.

ඔහු ශාස්ත්‍රපති උපාධිය ලැබුවේ සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විශයන් සම්බන්ධයෙනි. පසු කලෙක ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ආරාධිත කථාකාචාර්යවරයකු ලෙසද, පාසල් විෂය ධාරාව සඳහා නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයකු ලෙස ද ‍සේවය කළේය. ඔහු දෙස් විදෙස් ආයතනවල ආරාධිත දේශකයකුද වූයේය.

වේදිකා නාට්‍යවල අංග රචනය පිළිබඳ ‘සැබෑ මුහුණේ වෙස් මුහුණු’ යන කෘතිය ද, වේදිකා රංගාලෝකය පිළිබද ‘සබේ විදුලි විලක්කුව’ යන කෘතිය ද ඔහු රචනා කළ අතර, එම ක්ෂේත්‍ර පිළිබඳව විධිමත් ම කෘතියක් රචනා කළ පළමු වැන්නා ඔහු බවද සැලකේ.

ඔහුගේ මුල්ම සිනමා නිර්මාණය වූයේ පරාක්‍රම නිරිඇල්ල මහතාගේ ‘අයෝමා’ චිත්‍රපටයයි. මෑත කාල‍යේදී චේදිකාගත වූ ‘ගොන්ඩෝලා’ වේදිකා නාට්‍යය නිර්මාණය කරනු ලැබුවේද ඔහු විසිනි. ‍

‘ඉසුරු යෝගය’ ටෙලි නාට්‍යයේ මුතුමිණ නම් චරිතය වෙනුවන් දැක්වූ රංගන දායකත්වය සඳහා 2006 වසරේදී සුමති ටෙලි සම්මාන උළෙලේ, රාජ්‍ය සම්මාන උළෙලේ සහ සිග්නීස් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානයෙන්ද ජයලාල් රෝහණ පිදුම් ලැබීය.

ප්‍රවීන රංගධර ජයලාල් රෝහණ මහතා සමග පෞර්ශ්‍යත්ව වැඩසටහනක් සඳහා සුදානම් වෙමින් සිටි ශානිකා පෙරේරා නම් නිලධාරිනියක් සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබා තිබෙනවා.

ඒ අද දිනයේදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීන රංගධර ජයලාල් රෝහණ මහතා සමග එම වැඩසටහන සම්බන්ධයෙන් අද දිනයේදී කටයුතු කරමින් සිටියදී ගනු ලැබූ ජායාරූප කිහිපයක්ද මුදා හරිමින්…

ඒ ජයලාල් රෝහණ මහතා අවසන් වරට ඔවුන් සමග ගනු ලැබූ ජායාරූප බව පවසමින්ය..





Next Post

ජිවන රඟ මඩලෙන් සමුගත් ජයලාල්ගේ නිසල දේහය නිවසට - ජායාරූප

Fri Feb 12 , 2021
ජයලාල් රෝහණ මහතා මියයන විට 56 වන වියේ පසුවිය.ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතා උපත ලබන්නේ 1964 නොවැම්බර් මස 01 වනදාය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු ඔහු උසස් අධ්‍යාපනය නිම කරන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි. සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විෂයන් සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියෙක් වන ජයලාල් රෝහණ මහතා […]

Breaking News