එන්නත ලබා ගන්න ලියාපදිංචිය සඳහා වෙබ් පිටුව දැන් විවෘතයි – දැන්ම ලියාපදිංචි වෙන්න

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කො.විඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (10) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ විය.

එම වෙබ් අඩවිය හරහා කො.විඩ් එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා ඇති අතර ම කො.විඩ් පිළිබද තොරතුරු, අමාත්‍යාංශය යටතේ ඇති ආයතන පිළිබදව මෙන් ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව ද තොරතුරු එහි ඇතුළත් කර ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය සරත් ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ලියාපදිංචිය සදහා නිල වෙබ් අඩවියට ඇතුළුවීමට පහතින් ක්ලික් කරන්න www.statehealth.gov.lk

Next Post

ප්‍රාදේශවාසී තරුණයන්ගෙන් මංගල තෑගි මංගල ගමන ගියේ ත්‍රිරෝද රථයකින් - ආබාධිත තරුණයකු හා විවාහ වූ හිත හොඳ තරුණියක්

Fri Feb 12 , 2021
පෙබරවාරි මාසය උදා වීමත් සමගින් බොහෝ ආදරවන්තයෝ වැලන්ටයින් නැති නම් ආදරවන්තයන්ගේ දිනය සැමරීමට සූදානම් වෙති. ඒ සූදානම කෙසේ වුවද සෑබෑ ආදරවන්තයන්ගේ දිනයේ වටිනාකම දැනගෙන සෑබෑ ආදරයට වටිනාකමක් දෙමින් ආදරවන්තයන්ගේ දිනය සමරන්නේ කීයෙන් කීදෙනෙකුද? එබඳු සමාජයක ආදරවන්තයන්ගේ දිනයට සෑබෑ ආදරයට නව අරුතක් ලබා දුන් විවාහ මංගල උත්සවයක් ගාල්ල ඉමදුව දී පැවැත්විණි.  […]