විමල් ඔයාගේ පවුලේ දේවල් බලාගන්න අපේ පක්ෂේ අපි බලාගන්නම් – බැරිනම් අයින් වෙලා යන්න පොහොට්ටුවෙන් නිවේදනයක්

අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ල අස් විය යුතු බවට රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා.අද (09) දින මාධ්‍ය අමතමින් ඒ මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය පිළිබඳව තීරණය කළ යුතු වන්නේ පක්ෂ සාමාජිකයන් විනා විමල් වීරවංශ මහතා නොවන බවයි.

“බොරුවට පක්ෂ අතරේ ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා. අපේ පක්ෂෙ වැඩේ අපි බලාගන්නම්. ඔබතුමා ඔබතුමාගේ පක්ෂෙ සහ ඔබතුමාගෙ ගෙදර නායකත්වය පිළිබඳව බලන්න කියන එක ඉතාමත් ආදරෙන් අපි ඉල්ලා සිටිනවා.” යැයි ඔහු ප්‍රකාශ කර සිටියි.කැබිනට් මණ්ඩලයේ සාමූහ්ක තීන්දු වලට අවනත වීමට නොහැකිනම් ඉවත් වී ගොස් විපක්ෂයේ සංධානයක් නිර්මාණය කර විපක්ෂයට නායකත්වය දීමට ඒ මහතාට හැකි බවත් ඒ මහතා පවසයි.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මුක්කු ගහලා ඇවිත් අපේ ආණ්ඩුව පෙරලන්න වැඩ කරන්න එපා. එළියට ගිහිල්ලා ඒ කටයුතු කරන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හැමෝම එක මතයක ඉන්නවා ඔහුව පුළුවන් නම් ආණ්ඩුවෙන් ඉවත් කරන්න කියලා” යැයි වැඩිදුරටත් ඒ මහතා පවසයි.වීඩියෝව පහතින් නරඹන්න

Next Post

එන්නත ලබා ගන්න ලියාපදිංචිය සඳහා වෙබ් පිටුව දැන් විවෘතයි - දැන්ම ලියාපදිංචි වෙන්න

Wed Feb 10 , 2021
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කො.විඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (10) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ විය. එම වෙබ් අඩවිය හරහා කො.විඩ් එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා ඇති අතර […]

Breaking News