ලෝකටම ඇති එකම ගස කෲඩියා සෙලනිකා ශාකය මධ්‍යම අධිවේගය නිසා අවසානයේ වුන දේ

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන කෲඩියා සෙලනිකා ශාකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්. කේ කොඩිතුවක්කු මහතා පැවැසීය.

අදාල ශාකය මුලපිටින් උදුරා වෙනත් ස්ථානයක යළි සිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පේරාදෙණිය උද්භිත උද්‍යානය හා මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවලින් මේ සඳහා අනුමැතිය හිමිව ඇති බව ද ඔහු පැවසීය.

ලොව දැනට ඉතිරිව ඇති දුර්ලභම ශාකයක් බවට මෙම ශාකය හඳුනාගෙන ඇත.

මෙම ශාකය මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි දාරළුව දුම්රිය ස්ථානයට නුදුරු ඉඩමක ඇති අතර මෙම ශාකය ඉවත් කිරීමට ගම්පහ දිසා වන නිලධාරී කාර්යාලය විරෝධය පළ කළේය.

Next Post

විමල් ඔයාගේ පවුලේ දේවල් බලාගන්න අපේ පක්ෂේ අපි බලාගන්නම් - බැරිනම් අයින් වෙලා යන්න පොහොට්ටුවෙන් නිවේදනයක්

Tue Feb 9 , 2021
අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ල අස් විය යුතු බවට රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා.අද (09) දින මාධ්‍ය අමතමින් ඒ මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය පිළිබඳව තීරණය කළ යුතු වන්නේ පක්ෂ සාමාජිකයන් විනා විමල් වීරවංශ මහතා නොවන බවයි. “බොරුවට පක්ෂ අතරේ ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා. අපේ පක්ෂෙ […]