හිටපු ජනපති – අගමැති ඇතුළු පිරිසකට චෝදනා

පාස්කු ඉරු දින සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජයේ ප්‍රධානින් රැසකට එරෙහිව අප.රාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ෂණය කිරීම සඳහා පත්කළ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාව සිය අවසන් වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව “සන්ඩේ ටයිම්ස්” පුවත්පත අද වාර්තා කර සිටිනවා.

හිටපු ජනාධිපති සහ අගමැතිවරයා අමතරව ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ හෙමසීර් ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ ජාතික බුද්ධි ඒකකයේ ප්‍රධානි සිසිර මෙන්ඩිස්ට එරෙහිව අප.රාධ චෝදනා ගොනු කරන ලෙස මෙහිදී නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

කල් තියා අනතුරු අඟවා තිබියදී පාස්කු ඉරු දින සිද්ධිය වලක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරින්ට එරෙහිව අප.රාධ චෝදනා ගොනු කරන ලෙස මෙහිදී ජනාධිපති විමර්ෂණ කොමිසම සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කොට ඇත.පාස්කු ඉරු දින සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉකුත් සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිය.

මෙම සිදුවිම වලකා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන්ට අමතර අන්තවාදී අදහස් පතුරුවන ලද සැකකරුවන් අත්අ,ඩංගුවට ගැනීමට සහ ඒ පිළිබඳව නිසි විමර්ෂන සිදුනොකළ නිලධාරින් සම්බන්ධයෙන් කොමිසම විසින් සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කොට ඇත.විදෙස් ආධාර ලබා ගනිමින් අන්ත.වාදී අදහස් පතුරුවනු ලැබූ පුද්ගලයින්ට එරෙහිව මෙහිදී කොමිසම විසින් සිය නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

හෙට දිනයේදී රැස්වීමට නියමිත කැබිනට් මණ්ඩලයේදී ඉරු දින සිද්ධිය සම්බන්ධයෙන් වන කොමිෂන් වාර්තාව ගැන සාකච්ජා කිරීමට නියමිතව ඇති අතර වාර්තාව මේ දකවා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර නොමැති බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ.

එමෙන්ම මෙම කොමිසමේ වාර්තාව නිකුත් කිරීමෙන් පසු අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපතිවරයාට කතා කොට ඇති බවත් වාර්තා වේ අඩංගු නිර්දේශ කුමක්ද යන්න පිලිබඳ ඉක්මනින් ජනතාවට දැන ගැනීමට සලස්වන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවට කරුණු වාර්තා වූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියි.

පසුගියදා පැවති නිදහස් දින උත්සවයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ඉරු දින සිද්ධිය වගකිවයුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. ඒ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව සහ පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් ලබාදී ඇති නිර්දේශ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බවටද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියා.

Next Post

අමු මිරිස් කරලක් රුපියල් අටයි - අච්චාරු - තක්කාලි පිපිඤ්ඤා සලාද මොඩිෆයි වෙලා

Sun Feb 7 , 2021
‘‘ෆුඩ් සිටිවල වටිනාකම දැනුයි තේරෙන්නේ’’ බඩු මල්ලක් රැගෙන එමින් සිටි අපේ මිතුරියක කීවාය. මඩු මල්ලක් කීවාට එහි කිලෝ ගණන් තිබුණේ නැත. මිතුරිය කී කතාව ගැන ඇගෙන් විමසූ විට කීවේ අපූරු කතාවකි. ගමේ කඩෙන් එළවළු ග්‍රෑම් සීය දෙසීය ගත්තොත් මුදලාලි ගමේ අපට කියාවි අපි කුණු ලෝභයෝ කන්නෙවත් නෑ කියලා. ඒත් කොහොමද […]

Breaking News