ජනාධිපති තමයි ඒත් ‌ගෙදර ගියාම ගොවියා – ලොව සතුටින්ම සිටින සහ දුප්පත්ම ජනාධිපතිවරයා

කලාව, ක්‍රීඩාව ආදී විවිධ ක්ෂේත්‍රවලින් නමක් දිනාගත් බොහෝදෙනා ගත කරන්නේ සුපිරි ජීවිත ය. දේශපාලන නායකයන්ද ඊට දෙවැනි නැත. සමාජයේ බොහෝ තැන්වල එබඳු දේ දක්නට ලැබුණත් සරල සහ චාම්බවෙන් ජීවිත හැඩකර ගත් මිනිසුන් ඉඳහිට වුව දක්නට ලැබේ. උරුගුවේ හතළිස් වන ජනාධිපතිවරයා ලෙස බලයට පත් වූයේ එවැනි මිනිසෙකි.

හෙතෙම නමින් ජොසේ ඇල්බර්ටෝ පෙපේ මුජිකා කොර්ඩානෝය (José Alberto ‘Pepe’ Mujica Cordano). එහෙත් ඔහු ප්‍රකටව සිටින්නේ ජොසේ මුජිකා යන නමිනි. 1935 වසරේ මැයි මස 20 වැනි දින උපත ලද ඔහුව සමාජය පළමුවෙන්ම හඳුනාගන්නේ ගරිල්ලා නායකයකු හැටියටය. උරුගුවේ ආඥාදායක පාලකයා, ජොසේට දොළොස් වසරකට ආසන්න කාලයක් සිර බත් කන්නට ඉඩ සැලසුවේය. ඒ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල සිට එක්දහස් නවසිය අසූ ගණන් අතර කාල පරිච්ඡේදයේදීය.

වාමවාදී දේශපාලනයේ නියැලුණු ජොසේ, ‘බ්‍රෝඩ් ෆ්‍රන්ට්’ (Broad Front) නමැති සන්ධානය ගොඩනගා ගන්නට පසුව පෙළඹුණේය. එක්දහස් නවසිය අනූ ගණන්වලදී මහා මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට පිවිසුණු හෙතෙම එම රජයේ පශු සම්පත්, කෘෂිකර්ම සහ ධීවර කටයුතු අමාත්‍යවරයා වූයේය. ‘බ්‍රෝඩ් ෆ්‍රන්ට්’ සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තරග වැද ඔහු 2010 වසරේදී ජයග්‍රහණය කළේය. ජොසේ මුජිකා, උරුගුවේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කළේ 2010 – 2015 දක්වා වූ කාල පරාසයේදීය.

සිය ජනාධිපති ධුර කාලය අවසන් කළ ඔහු සිය නිවෙස වෙත ගොස් ඉතා චාම් සහ සරල දිවියක් ආරම්භ කළේය. තමන්ගේ විශ්‍රාම වැටුපෙන් 90%ක් සමාජ සත්කාරක සේවාවන් වෙනුවෙන් සෑම මසකම පරිත්‍යාග කිරීමට තරම් ඔහු නිර්ලෝභීය.

ඔහු ගෙවන සරල, චාම් සහ අල්පේච්ඡ දිවිය දෙස බලන බොහෝ විචාරකයන් පවසන්නේ ලොව සතුටින්ම සිටින ජනාධිපතිවරයා ජොසේ බවයි. එසේම ලොව දුප්පත්ම ජනාධිපතිවරයා ජොසේ යැයි කියාද සමහරු පවසති.














මංජුලා විජයරත්න

Next Post

අරවින්ද, මහානාම, මුරලි හා සංගා ක්‍රිකට් කමිටුවට

Fri Feb 5 , 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුව සඳහා අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාර පත්කර තිබේ. ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිර්දේශ අනුව මෙම ක්‍රිකට් කමිටුව පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍යාංශ […]

Breaking News