සාමාන්‍ය ජනතාවට එන්නත් දීම අරඹන දිනය මෙන්න

සාමාන්‍ය ජනතාව සඳහා කො.විඩ් එන්නත් ලබාදීම මාර්තු මස පළමු සතියේ සිට ඇරඹිය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කො.විඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා.

අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කරන්නේ එන්නත් වලින් කිසිදු ප්‍රධාන අතුරු ආබාධයක් මෙතෙක් වාර්තා වී නැති බවකි.

කෙසේ වෙතත් උණ සහ ඇඟේ අමාරුව වැනි රෝග ලක්ෂ සමාන්‍ය දෙයක් බවත් එහිදි සඳහන් කර ඇත.

එන්නත ලබාදීමෙන් අනතුරුව වාර්තාවන ආසාදිතයන් ගණන අඩුවිය හැකි බවත් මෙහිදී PCR සහ ඇන්ටිජන් පරික්ෂණ සංඛ්‍යාව ද අඩුකළ හැකි බව අමාත්‍යවරිය සඳහන් කරනවා.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ එක් මාත්‍රාවකින් පමණක් කො.විඩ් – 19 වෛරසය පැතිරීමේ හැකියාව 67%කින් පමණ අඩුවන බවට අනාවරණය වී ඇති බවද මෙහිදී සඳහන් කරනු ලැබුවා.

මත්පැන් සහ දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කරන බවත් එවැනි ඇබ්බැහියකට ලක්වී සිටින පුද්ගලයෙකුට කො.විඩ් -19 වැළැක්වීමේ එන්නත ලබාදීමෙන් ප්‍රයෝජනයක් නොවන බවත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

එවැනි අයෙකුට කො.විඩ් මර්ධන එන්නත ලබා නොදී මත්පැන් සහ දුම්වැටි භාවිතය නොකරන පුද්ගලයින්ට එන්නත් ලබාදීම අතිශයින් සාධාරණ බව මෙහිදී සභාපතිවරයා සඳහන් කරයි.

මේ වන විට මත්පැන් සහ දුම්වැටි භාවිතා කරන්නෙකු කො.විඩ් එන්නත ලබා ගෙන සිටිනම් එදින සිට අවම වශයෙන් මාස 06ක කාලයක් ඒවා පාවිච්චි කිරීමෙන් වැලකි සිටීම අත්‍යාවශ්‍ය බව වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Next Post

එදා තමයි මම පුතාගේ කටහඬ අහපු අන්තිම දවස. ‘තාත්තේ මට අමාරුයි‘ කිව්වා - වෛද්‍ය ගයාන්ගේ පියා

Sat Feb 6 , 2021
වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ ගෙදර ඇත්තන් තවමත් සිටින්නේ ශෝකාකූලවය. ඔවුන්ට ගයාන්ගේ හදිසි වියෝව තවමත් අදහාගත නොහැකි, දරාගත නොහැකි දෙයකි. කඳුළු පිරුණු දෙනෙත් අතරින් වෛද්‍ය ගයාන්ගේ මෑණියන්ගේ සේම ඔහුගේ තරුණ බිරිය වෛද්‍ය හර්ෂණී යාපාගේ මතකය හැම විටම දිවයන්නේ අතීතයටය. ඒ අතීතයේ සැරිසරන්නේ සිනා සපිරි මුව මඬලකින් සැරසුණු ගයාන්ය. මගේ පුතා හින්දා කියනවා […]