පුත්තලම දුම්රිය මාර්ගය වසා දමයි – ප්‍රධාන මාර්ගයත් පැය 36 ක් වහන වේලාවන් මෙන්න

පුත්තලම දුම්රිය මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වන සියලූම දුම්රියන් හෙට (05) සිට ඉරිදා (07) දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ  සිට කටුනායක ගුවන්තොටුපල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව හෙට රාත‍්‍රී 8.30 සිට ඉරිදා  දවස පුරා මෙම තත්ත්වය බලපැවැත්වෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී. එස්. පොල්වත්තගේ  මහතා සඳහන් කරයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඉරිදා (07) සවස 8.20 ට හලාවත දක්වා ධාවනය වන අංක 3432 දරණ දුම්රිය පමණක් හලාවත බලා ධාවනය වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කොළඹ – පුත්තලම ඒ තුන මාර්ගයේ මිගමුව – ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් ලබන සෙනසුරාදා පැය 36ක කාලයක් ප්‍රධාන මාර්ගය වසා තැබෙන බව පොලිස් මුලස්ථානය පවසයි.

ඒ අනුව ලබන සෙනසුරදා උදෑසන හයේ සිට ඊට පසුදින පස්වරු හය දක්වා පැය 36ක කාලයක් මාර්ගය වසා දමෙන බව පොලීසිය සඳහන් කළේය.

Next Post

ලෝකයක් කතා කළ මේජර් ජෙනරාල් ප්‍රියංක නිදහස් උළෙලේ දී සිදු කළ ආචාරය මෙන්න - Video

Thu Feb 4 , 2021
73 වන අභිමානවත් ජාතික නිදහස් උළෙල මීට සුළු වේලාවකට පෙර අවසන් වුණා.  අද පෙරවරුවේ, ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කෙරුණු අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබුවේ ඉන් අනතුරුවයි. ජය මංගල ගාථා ගායනා කිරීමෙන් පසු මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක […]