මිත්‍රශීලී රටවල් අමනාප කරගැනීමෙන් රටට ඉදිරි ගමනක් නැහැ – ජැටිය නොදුන්නාට ඇමති ලංසා සොවින්

ජපානය, ඉන්දියාව වැනි රටවල් සමඟ පවතින මිත්‍රශීලීත්වයට හානි කොටගෙන අපිට ඉදිරි ගමනක් නොමැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පැවැසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කීය.

ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යෑමට නම් රාජ්‍ය තාන්ත්‍රිකව පවතින සබඳතා වඩාත් ශක්තිමත් කර ගත යුතු අතර ඔවුන් සමඟ ආයෝජන අවස්ථාවන් ඇති කර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් අපේ රට විශාල ආර්ථික අර්බුදයකට පත්වනු ඇත. ආයෝජන අහිමිවීම හේතුවෙන් අපේ රටට විදේශ විනිමය අහිමිවීම තුළ රුපියල බාල්දු වී, ඩොලරයේ අගය ඉහළ යෑමෙන් භාණ්ඩ හා සේවා මිල අධික ලෙස ඉහළ යනු ඇත. ඒ හේතුවෙන් මිලියන 22ක් වූ ජනතාව දැඩි අපහසුතාවට පත්වීම වැළැක්විය නොහැක. එමනිසා රටේ ආර්ථික ස්ථායිතාවක් ඇති කරගැනීම සඳහා මිත්‍රශීලී රටවල් සමඟ ආයෝජන අවස්ථා ඇතිකර ගත යුතුයි. 

කොවිඩ් – 19 හේතුවෙන් දැනටමත් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම, රට විරුවන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ ආදිය සීමා වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ ආයෝජන අවස්ථාද අහිමි කර ගන්නේනම් රට දැඩි ආර්ථික අර්බුදයකට පත්වනු ඇති බවත් එම නිසා රටට හිතකර ලෙස ආයෝජන අවස්ථා පුළුල් කරගත යුතු බව එම නිවේදනයේ පෙන්වා දෙයි. 

Next Post

පුත්තලම දුම්රිය මාර්ගය වසා දමයි - ප්‍රධාන මාර්ගයත් පැය 36 ක් වහන වේලාවන් මෙන්න

Thu Feb 4 , 2021
පුත්තලම දුම්රිය මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වන සියලූම දුම්රියන් හෙට (05) සිට ඉරිදා (07) දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ  සිට කටුනායක ගුවන්තොටුපල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව හෙට රාත‍්‍රී 8.30 සිට ඉරිදා  දවස පුරා මෙම තත්ත්වය බලපැවැත්වෙන බව දුම්රිය […]

Breaking News