මෙරට කො.වි.ඩ් වැළදීමෙන් ජීවිතය අහිමි වූ පළමු වෛද්‍යවරයා ලෙස වෛද්‍ය ගයාන් දන්තනාරායන මෙලොව හැර ගියේ මීට දින කිහිපයකට පෙරයි. වෛද්‍ය ගයාන්ගේ වියෝවෙන් වේදනාවට පත් සිත සුවපත් කරගන්නට අදටත් ඔහුගේ පියාට හැකිවී නැහැ.තම ආදරණීය පුතනුවන් ගැන ගයාන්ගේ පියා හිරු ප්රවෘත්ති සමඟ සාකච්ජාවක් අද අපට දැකගත හැකි වුනා.තම දරුවාට අවශ්‍ය ප්‍රතිකාර අවසන් අවස්ථාවේ ලබා දීමට නොහැකිවීම ගැන ගයාන්ගේ පියා පැවසුවේ දැඩි කනස්සල්ලෙන් .
මේ කො.වි.ඩ් වැලදී මියගිය මෙරට පලමු වෛද්‍යවරයා වන ගයාන් දන්තනාරායනගේ පියාත් වෛද්‍යවරයෙක්.ඔහු සූදානම් වෙන්නේ දැනට රෝහල් දෙකක පමණක් තියන රැපියල් කෝටි 2 ට ආසන්න Ecmo (Extracorporeal membrane oxygenation) යන්ත්‍රයක් මිලදී ගෙන රජයේ රෝහලකට පරිත්‍යාග කරන්න.හැකිනම් උදව් වන්න.ඔබට ඔහු ඉදිරියේදී කියාවි කොහොමද ඔහුව සම්බන්ධ වෙන්නේ කියලා.අවශ්‍ය දැනුවත් කිරීම් අපි ඔබට ගෙන එන්නෙමු
වෛද්‍ය ගයාන්ගේ පියා හිරු රුපවාහිනියට ලබා දුන් සාකච්ජාව පහතින්