Warning: sprintf(): Too few arguments in /home/ranilasa/webgossip24.com/wp-content/themes/default-mag/assets/libraries/breadcrumb-trail/inc/breadcrumbs.php on line 254

ලෝකයක් කතා කළ මේජර් ජෙනරාල් ප්‍රියංක නිදහස් උළෙලේ දී සිදු කළ ආචාරය මෙන්න – Video

73 වන අභිමානවත් ජාතික නිදහස් උළෙල මීට සුළු වේලාවකට පෙර අවසන් වුණා.  අද පෙරවරුවේ, ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කෙරුණු අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබුවේ ඉන් අනතුරුවයි.

ජය මංගල ගාථා ගායනා කිරීමෙන් පසු මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කරනු ලැබුවා. අනතුරුව ජනාධිපති උත්තමාචාර පළ කෙරුණු අතර, එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ආචාර වෙඩි මුර 21 ක් පිරිනැමුණා. ජනාධිපතිවරයා ජාතිය ඇමතීම ආරම්භ කරනු ලැබුවේ පෙරවරු 8.46ට පමණයි. යුද හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල්, ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සේනාධිනායක ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත සිය ආචාරය පුදකළේ මේ අයුරින්.

වීඩියෝව පහතින් නරඹන්න – උපුටාගැනීම හිරු පුවත්

Next Post

සැබෑ නිදහස නම් මෙයම නොවේද ? වසර 14 ක් තිස්සේ කොටු වූ බල්ලෙකුගේ කතාව

Thu Feb 4 , 2021
අද අපි හැමෝම කතා වෙන්නේ නිදහස් දිනය ගැනයි. 73 වැනි අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රෙය්දී පැවැත්විණ.නමුත් මේ කියන්න යන්නේ නිදහස් දින යෙදෙන අද දින සමාජ ජාල මාධ්‍ය වල පල වූ සංවේදී සටහනක් මේ වන විට බෙහො දෙනෙක්ගේ කතා බහට ලක්ව ඇත. ඒ […]

තවත් මෙවැනිම පුවත්..........