අරවින්ද-මුරලි-මහානාම-මහේල හා සංගක්කාර නව ක්‍රිකට් කමිටුවට – අලූත් තේරීම් කමිටුවට ප්‍රමෝ, රෝයි සහ කලූ යෝජනා වෙති

මේ වනවිට පසු බැස තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීම සඳහා නව ක්‍රිකට් කමිටුවක් හා නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති අතර, ඒ සඳහා හිටපු ක්‍රිකට් විශිෂ්ටයන් කිහිප දෙනකුගේ ම නම් යෝජනා වී තිබීම කැපී පෙනේ. 

ඒ අනුව, ක්‍රිකට් කමිටුව සඳහා තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන අරවින්ද ද සිල්වා මෙන් ම රංජිත් ප්‍රනාන්දු, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරගේ නම් යෝජනා වී තිබීම විශේෂත්වයකි. 

එහිදී මෙම ක්‍රිකට් කමිටුව මඟින් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා පුහුණුකරුවන්ගේ ප්‍රගතිය අධීක්‍ෂණය කිරීම සිදුවනු ඇති බව පැවසේ. 

 ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ජාතික කී‍්‍රඩා සභාව වෙත භාරදුන් යෝජනාවට අනුව නිර්දේශ කර ඇති පුද්ගලයන් පස්දෙනා අතරට රෝයි ඩයස්, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, රොමේෂ් කලූවිතාරණ, හේමන්ත වික‍්‍රමරත්න සහ වරුණ වරාගොඩ ඇතුළත්ව තිබේ. රෝයි ඩයස් 1979 -1987 කාලයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ප‍්‍රබල පිතිකරුවකු වන අතර ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ ලකුණු දහස ලබා ගත් පළමු කී‍්‍රඩකයා වේ. ඔහු මීට පෙර වසර පහක් ජාතික කි‍්‍රකට් තේරීම් කමිටුව නියෝජනය කළ අතර 1996 ලෝක කුසලානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට එම අවධියේදී අවස්ථාව උදාවිය. 1997 වසරේ සිට 1999 ලෝක කුසලාන තරගාවලිය දක්වා රෝයි ඩයස් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන්ද කටයුතු කළේය. 
 
 ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ 1996 ලෝක කුසලානය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩකයෙකි. ඔහු ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 40ක් සහ එක්දින තරග 134ක් කී‍්‍රඩා කර තිබේ. රොමේෂ් කලූවිතාරණද 1996 ලෝක කුසලානය දිනූ ජයග‍්‍රාහී කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩකයෙකු වන අතර ඔහු ශී‍්‍ර ලංකාව වෙනුවන් ටෙස්ට් තරග 49ක් සහ එක්දින තරග 189ක් කී‍්‍රඩා කර තිබේ.

හේමන්ත වික‍්‍රමරත්න මීට පෙර අසන්ත ද මෙල් සමගින් ශී‍්‍ර ලංකා තේරීම් කමිටුව නියෝජනය කළ අතර වරුණ වරාගොඩ පළමු පෙළ තරග සියයකට කී‍්‍රඩා කරමින් ශතක 14ක් සමගින් ලකුණු 6141ක් වාර්තා කර තිබේ. 
 
 කෙසේ වෙතත් මෙම පස්දෙනාගෙන් තිදෙනකු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ජාතික තේරීම් කමිටුවට නම් කිරීමට ඉදිරියේදී නියමිත අතර ඉන් එක් අයෙක් කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත්කරනු ඇත.

Next Post

පොලිස් සේවය සඳහා අරක්කැමියන්

Wed Feb 3 , 2021
ගස්ගල්, තාප්ප වලට මුවාවී ක්ෂණිකව පාරට පැන රථවාහන නවත්වන ක‍්‍රමය පොලිසියෙන් ඉවත් කරනවා යැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය. ඒ මහතා එසේ සඳහන් කළේ පෙරේදා (31) දා අමාත්‍යවරයාගේ නිවසේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීය. මහජනතාවගේ ආරක්ෂාව තව තවත් තහවුරු කිරීම සඳහා සහ පොලිස් සේවයේ උන්නතිය සඳහා විශාල වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක […]