වෛද්‍ය ගයාන්ගේ අවසන් කටයුතු අදම ගාල්ලේදී සිදු වුන හැටි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මිය ගිය කො. විඩි ආසාදිත වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝ ධායන නීති රීතිවලට අනුව ගාල්ල දඩැල්ල ආදාහනා ගාරයේ දී අද (02දා) පස්වරුවේ දි සිදුකෙරිණි.

රාගම රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නැමති (32) හැවිරිදි වියේ පසුවු වෛද්‍යවරයෙක් මෙසේ මිය ගියේය.

 නැසීගිය වෛද්‍යවරයා වෙනුවෙන් මහා සංඝරත්නය වඩම්මවා  ආගමික වතාවත් කොට පිං පැමිණිවිම කරාපිටිය රෝහලේ දි සිදුකෙරුණි. 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් විසින්  එය සංවිධානය කොට තිබුණි.  මෙම අවස්ථාවට වෛද්‍ය වරයාගේ බිරිද, පවුලේ ඥාතින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පසුව වෛද්‍යවරයාගේ දේහය  නිරෝ ධායන නිතිරිතිවලට අනුකුලව දඩැල්ල ආදාහනාගාරය වෙත රැගෙන ගොස් ආදාහනය කිරිමට කටයුතු කරණු ලැබිය. රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.









Next Post

මුළු ලංකාවටම ඇත්තේ එකම එක යන්ත්‍රයයි - දොස්තර ගයාන්ට සවිකර තිබූ එක්මෝ යන්ත්‍රයේ කතාව

Tue Feb 2 , 2021
කො.රෝනා ආසාදනය වී අසාධ්‍යව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ ජීවිතය බේරාගැනීමට අධි තාක්ෂණික ක්‍රම භාවිතයට ගන්නා එක්මෝ යන්ත්‍රයට නොහැකි විය. අද (02) ඔහු ජීවිතයෙන් සමුගත්තේය. ශ්‍රී ලංකාවේ මේ දක්වාම ඇත්තේ එකම එක්මෝ යන්ත්‍රයක් පමණි. එය සවිකර තිබෙන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ නිසා ඔහු […]