මම ළමයි දෙන්නත් දෙවියන්ට බාර දෙනවා – ජනප්‍රිය ගායිකාව අල්ලන්න යන අලුත් අඩව්ව – වීඩියෝ සහිතයි

මේ දවස්වල කළා කරුවන් පිලිබඳ විවිද කතා පැතිරෙනවා, ඉතින් ඔන්න ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ ගායිකාවක වන නෙලූ අධිකාරි පිළිබඳත් ඒ වගේ කතාවක් පැතිරෙන්න පටන් අරන්. පසු ගිය දවස්වල ලංකාවේ ඉන්න ගොඩක් ජනප්‍රිය වගේම ලංකාවම ආදරේ කරන ගායකයෙක් වන වික්ටර් රත්නායකයන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් තමන්ගේ නැතිවුණ හඬ නැවත ලබාගන්න ගිහින්, ඔහුගේ බිරිඳ සමග දෙවියන්ගේ දේව දුතයා ඉදිරියේ වැඳ වැටෙන වීඩියෝවක් සමාජ ජාලාවල ලැවූ ගින්නක් වගේ පැතිරුනා.

ඒ වගේම බෞද්ධයෙකු වන වික්ටර් තමන්ගේ ආගම වෙනස් කරලා, ඔහුගේ බෞද්ධ පොත් පත් පවා විනාස කරලා තිබුනා, ඉතින් ඒ වගේම අතුල අධිකාරිගේ නැගණියක් වන නෙලූ අධිකාරී සම්බන්දවත් එවැනිම වීඩියෝවක් මේ වනවිට සමාජ ජලා වලට නිකුත් වෙලා.

දැන් ඇය සියලුම දේවල් අතහැරලා දෙවදාසයා නම් පුද්ගලයෙකුගෙ කීමට දෙවියන් වහන්සේ ලඟට ගිහිලා. ඒ වගේම නෙලූ අධිකාරීට කාලයක් තිස්සේ තිබුණු රෝගයක් හිසට පහරක් දීලා සුවකරලා, ඒ නෙවෙයි ඇය දෙවියන් වෙනුවෙන් ඇය වේදිකාවට සමුදුන්නා කියලත් සමාජ ජාලාවල පැතිරයන වීඩියෝ පටයේන් ඇය පවසනවා.

ඒවගේම කලා ලෝකය අතහැරලා දෙවියන් වහන්සේට යටත් වුනා කියලත් ඇය පවසනවා, මීට අමතරව ඇයගේ මුළු පවුලම දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවෙන බවත්, දේවදාසයා විසින් ඇයගේ දරු දෙදෙනා ඉල්ලුවොත් තමන්ගේ දරුවන් දෙදෙනාත් දෙවියන් වහන්සේට බාරදෙන්න ඇය කැමති බව ප්‍රකාශ කරනවා.

ඒ විතරක් නෙවෙයි මින් පසු ඇය ගායනා කරන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් බව ඇය ප්‍රකාශ කරනවා,

ඉතින් මේ පිලිබඳ ඔබට හිතෙන්නේ කුමක්ද දෙවියන් වහන්සේට මිනිසෙකුගේ බෙල්ල අතගාලා ඔහුගේ නැති වුන හඬ නැවත ලබා දෙන්න පුලුවන්ද.. දෙවියන් වහන්සේගේ දේවදාසයාට කෙනෙකුගේ හිසට පහරක් දීලා ලෙඩ සුව කරන්න පුලුවන්ද. රටෙහි දිදුලන තරු ලෙස හඳුන්වන අය මේ සමාජට ලබාදෙන ආදර්ශය නිවැරදිද, ඔබ බුද්ධියෙන් සිතා බලා තීරණය කරන්න

මෙවැනිම සිදුවීමක් සම්බන්ධයෙන් නිර්මාණය කල TRANCE නමැති මලයාලම් සිනමා පටයක් තිබෙනවා ඔබට පුලුවන්නම් එම සිනමා පටය නරඹන්න.

වීඩියෝව පහතින් නරඹන්න





Next Post

රංජන් නිදහස් කරයි?

Mon Feb 1 , 2021
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමාට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) මෝසමක් ගොනු කර ඇත. අධිකරණයට අපහාස කිරීමේ චෝද.නාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මහතාට ඉකුත් දොළොස් වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News