ඇමති මට්ටු කරන්න ගිය වනජීවී නිලධාරියාට තට්ටු වෙයි – ඇමති විමලවීර සමඟ කොක්ක දාගත් වනජීවී නිලධාරියාට වුන දේ

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව ඇමැති විමලවීර දිසානායක මහතා සමඟ වචන හුවමාරුවක පැටලුණු වනජීවී නිලධාරියා වහාම මාරුකර දැමීමට දේශපාලන අධිකාරිය පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක ‘මව්බිම’ට පැවැසීය.

ඇමැතිවරුන් සමඟ උණුසුම් වචන හුවමාරුවක පැටලුණු අනෙක් නිලධාරියා වන කුමාරසිරි විජේකෝන් මහතාද හෙට අනිද්දා මාරුකර යැවීමට ඉඩ ඇතැයිද ඒ මහතා කීය.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න වනෝද්‍යානය හරහා මාර්ගයක් ඉදිකිරීම හා ගෘහස්ථ ගවයන් රක්ෂිත තුළට ඇතුළු කිරීමට ඉඩ දෙන ලෙසට ඇමැති විමලවීර මහතා ප්‍රකාශ කර ඇත.

රටේ වන සම්පත හා රක්ෂිත ආරක්ෂා කිරීමට සිටින නිලධාරීන්ට මෙලෙස සැලකීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මෙම පුද්ගලයන් සම්බන්ධව ජනතාව තීන්දු ගත යුතු බවත් කරුණාතිලක මහතා පැවැසීය.

ජල ගැලුම් නිම්න රක්ෂිතයට පුද්ගලයන්ට ඇතුළුවීමට ඉඩ දෙන ලෙස කියමින් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක හා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරු හා මෙම නිලධාරීන් අතර ඉකුත්දා බහින්බස්වීමක් හට ගැනිණි.

එම සිද්ධියෙන් පසු එම ඇමැතිවරුන්ගේ බලපෑම මත සෝමාවතිය අඩවි ආරක්ෂක කාර්යාලයේ සේවය කළ ඩබ්ලිව්.එම්.එල්.කේ. වනවාසල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇතැයිද කරුණාතිලක මහතා කීය.

Next Post

මම ළමයි දෙන්නත් දෙවියන්ට බාර දෙනවා - ජනප්‍රිය ගායිකාව අල්ලන්න යන අලුත් අඩව්ව - වීඩියෝ සහිතයි

Mon Feb 1 , 2021
මේ දවස්වල කළා කරුවන් පිලිබඳ විවිද කතා පැතිරෙනවා, ඉතින් ඔන්න ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ ගායිකාවක වන නෙලූ අධිකාරි පිළිබඳත් ඒ වගේ කතාවක් පැතිරෙන්න පටන් අරන්. පසු ගිය දවස්වල ලංකාවේ ඉන්න ගොඩක් ජනප්‍රිය වගේම ලංකාවම ආදරේ කරන ගායකයෙක් වන වික්ටර් රත්නායකයන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් තමන්ගේ නැතිවුණ හඬ නැවත ලබාගන්න ගිහින්, ඔහුගේ බිරිඳ […]

Breaking News