රංජන් නිදහස් කරයි?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමාට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) මෝසමක් ගොනු කර ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝද.නාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මහතාට ඉකුත් දොළොස් වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ අතර එම දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙසද රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ ඉදිරිපත් කළ මෝසම මගින් ඉල්ලා ඇත.

නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් මෙම මෝසම ඉදිරිපත් කෙරුණු අතර ඒ සමග දිවුරුම් පෙත්සම් සහ අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.

නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලද එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛනගත කිරීම සඳහා නීති ප්‍රතිපාදන නොමැති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද අතර බන්ධනාගාරගතව සිටින සිරකරුවෙකු වන ඔහුට එකී දඬුවම නියම කරනු ලැබූ අංක SC (COC) 2018 Rule 1 දරන නඩුවට අදාළව යොමු කරන ලද මෝසමක් ලෙස පමණක් සටහන් කිරීමට නියම විය.

ඉහත අධිකරණයට අපහාස කිරීමේ නඩුව විභාග කරන ලද සිසිර ද ආබෲ, විජිත කේ. මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ඉකුත් ජනවාරි 12 වන දා සිය නඩු තීන්දුව දෙමින් ඔහුට බරපතළ වැඩ සහිත 4ක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් ද රුපියල් 50,000 නඩු ගාස්තුවක් ද ගෙවීමට නියම කරනු ලැබීය.

Next Post

අම්මයි බිරිඳයි දෙන්නටම සටනක. අද සමුගත් හිත හොඳ දොස්තර ගැන නොදත් කරුණු සහ නොදුටු ඡායාරූප

Tue Feb 2 , 2021
කොළඹ, නුගේගොඩ ජාත්‍යන්තර පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ගයාන් අඩු වයසකින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පිවිස තිබුණි.ගයාන් දන්තනාරායන චීනයේ, ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයේදී වසර 5ක ඉගෙනුම් කටයුතු නිම කරමින් 2010 වසරේ වෛද්‍ය උපාධිය හිමිකරගෙන තිබුණි.සංගීතයට ද කැමැත්තක් දැක් වූ ගයාන් ගිටාර් වාදනයට වැඩි වශයෙන් ප්‍රිය කළේය. උපාධිය ලබාගෙන ලංකාවට පැමිණි ගයාන් වෛද්‍යවරයෙකු ලෙස […]

Breaking News