විදේශයකදී මියගිය අපේ දොස්තර උපුල්ට දුන් රාජකීය අවසන් ගමන – වීඩියෝ සහිතයි

කො රෝනා ආසාදනය වී මියගිය ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුගේ අවසන් කටයුතු ප්‍රභූ ගෞරව සහිතව සිදුකළ පුවතක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරින් වාර්තා වනවා. මෙලෙස කො රෝනා ආසාදනයව මියගොස් ඇත්තේ ලන්ඩන් නුවර කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහලක සේවය කළ නාත්තන්ඩිය,වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි උපුල් නිශාන්ත දිසානායක නමැති වෛද්‍යවරයායි. 

එක්දරු පියෙක් වන මොහු මීට වසර 20කට පෙර එංගලන්තයට ගොස් තිබෙනවා. වෛරසය ආසාදනයව පසුගිය 20 වනදා මෙම වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛද්‍යවරයා සේවය කළ North Middlesex University රෝහලේ සෙසු වෛද්‍යවරුන් සහ හිතවතුන් එක්ව ප්‍රභූ ගෞරව සහිතව ඔහුගේ අවසන් කටයුතු සිදුකර ඇත්තේ පසුගිය 28 වනදායි. මේ වනවිට කො විඩ් ආසාදනය වී බ්‍රිතාන්‍ය තුළ පුද්ගලයින් 105,571ක් ජීවිත ක්ෂයට පත්ව තිබෙනවා.

ජායාරූප සහ වීඩියෝව පහතින් නරඹන්න








Next Post

ඇමති මට්ටු කරන්න ගිය වනජීවී නිලධාරියාට තට්ටු වෙයි - ඇමති විමලවීර සමඟ කොක්ක දාගත් වනජීවී නිලධාරියාට වුන දේ

Mon Feb 1 , 2021
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව ඇමැති විමලවීර දිසානායක මහතා සමඟ වචන හුවමාරුවක පැටලුණු වනජීවී නිලධාරියා වහාම මාරුකර දැමීමට දේශපාලන අධිකාරිය පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක ‘මව්බිම’ට පැවැසීය. ඇමැතිවරුන් සමඟ උණුසුම් වචන හුවමාරුවක පැටලුණු අනෙක් නිලධාරියා වන කුමාරසිරි විජේකෝන් මහතාද […]