එන්නත් 32539ක් අද ලබාදෙයි – යුද හමුදාවේ 7,500කටත් මර්දන එන්නත්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයෙන් අද දිනයේදී මාත්‍රා 32539ක් එන්නත් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මේ දක්වා එම එන්නත් මාත්‍රා 37825ක් ලබාදී තිබේ. මෙම එන්නත් වැඩසටහන ඊයේ ආරම්භ කළ අතර ඊයේ දිනයේදී පුද්ගලයන් 5286කට එන්නත ලබාදුන්නේය.

යුද හමුදා සාමාජිකයින් 7,500 දෙනෙකුට අද දිනයේ කො වි ඩ් මර්දන එන්නත ලබාදී තිබෙනවා.අද සිට ඉදිරි දින 03 ක කාලය තුළ යුද හමුදා සාමාජිකයින් 31,000 කට එන්නත් ලබාදීමට යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් සැලසුම් කර ඇත.

කො වි ඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද පලාලි යුද හමුදා රෝහලේ එන්නත් කිරීමේ කටයුතු සිදු වන ආකාරය නිරීක්ෂණය කළේය.

Next Post

නැ. පර්යන්තයේ පූර්ණ අයිතිය ලංකාවට කළමනාකාරීත්වය වරාය අධිකාරිය යටතට ජනපති තීරණය කරයි

Sat Jan 30 , 2021
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය හා කළමනාකාරීත්වය යටතේ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමත්, බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරියේදී රජය ගනු ලබන රටට යහපත් ආයෝජන ක්‍රියාවලියකට එකඟත්වය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ඉදිරිපත් කළ යෝජනාවලියට රජය එකඟත්වය පළකර […]