ඉන්දියාවෙන් මෙරටට පරිත්‍යාගයක් වශයෙන් ලබාදෙන Covishield එන්නත් ලක්ෂ 5ක තොගය රැගත් ගුවන්යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේ ය.
ඒ අනුව, එම එන්නත් තොගය ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු මහ කොමසාරිස්වරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය.
Oxford-AstraZeneca එන්නතෙහි ඉන්දියානු නිෂ්පාදනය වන Covishield එන්නත් ලක්ෂ 5ක තොගය ශීතකරණය කරන ලද ට්‍රක් රථ මගින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ශීතාගාර වෙත යැවීමට නියමිත ය.
එම එන්නත හෙට (29) සිට ප්‍රථමයෙන් කොවිඩ්-19 වසංගතය හා සටන් කරන මුල් පෙළ සටන්කරුවන් වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල සිටින 150,000ක පිරිසකට සහ දෙවනුව, ඉදිරිපෙළ සිටින පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 120,000ක පමණ පිරිසකට එන්නත් ලබා දීමට සැලසුම් කර තිබේ.
මෙම එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා ඇති අතර , ඒවා බාර ගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියේය.
ඊට ගුවන්තොටුපළ කාර්ය මණ්ඩල හා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සේවය කරන පුද්ගලයින් ද ඇතුළත් බව ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී ලලිත් වීරතුංග මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබාදෙන අයගේ නම් ලැයිස්තුගත කර අවසන් බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන පිළිබඳව පැහැදිලි කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මෙම ඉන්දීය එන්නත් තොගය හෙට දිනයේදී දිවයිනට ලැබීමට නියමිතය.“වසංගත රෝග විද්‍යා අංශයේ එන්නත් ගබඩාවට එන්නත ලබා ගන්නවා.
එන්නත එදිනම හැකි ඉක්මනින් ප්‍රාදේශීය ඖෂධ ගබඩා මධ්‍යස්ථාන 26 වෙත බෙදා හරිනවා.පසුව ආයතන මගින් ඉල්ලා ඇති ආකාරයට මෙය බෙදා දෙනවා සෞඛ්‍ය සේවකයින් මේ වන විටත් ලැයිස්තු ගත කර තිබෙනවා.
ඉදිරිපෙළ සියලු දෙනාගේ නම් ලැයිස්තු ගත කර තිබෙනවා. ඉදිරි දින කිහිපයේදී ඒ සියලු දෙනාටම එන්නත ලබාදෙනවා.ප්‍රධාන රෝහල් හයක පළමුවෙන්ම සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් මෙම එන්නත ලබාදෙනවා
ඒ අනුව කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂන රෝහල, හෝමාගම රෝහල, නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල ජාතික බෝවන රෝග විද්‍යාතනය (IDH) යන රෝහල්වල කාර්ය මණ්ඩලයේ සියයට 25කට මෙම එන්නත ලබාදෙනවා.මේ රෝහල්වල හෙට සිට කාර්ය මණ්ඩලයේ කොටසකට ලබාදෙනවා. ඉදිරි දිනවල ඉතිරි අයට ලබාදෙනවා. “