දවසට හාල් 400kg මාළු 50kg ඉදෙන එංගලන්ත නෝනගේ බලු සුරැකුම් මධ්‍යස්ථානය

මහමඟ දමා යන සුනඛයින් සහ විවිධ අනතුරු නිසා තුවාල ලැබූ සුනඛයින් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක් පිළිබඳව තොරතුරු ගාල්ල මිදිගම ප්‍රදේශයෙන් අද දෙරණට වාර්තා විය.

සුනඛයින් රැකබලා ගන්නා මෙම මධ්‍යස්ථානයේ දැනට සුනඛයින් 1800ක් පමණ සිටින අතර සුනඛයින් සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීම ද එහිදී සිදු වේ.එංගලන්ත ජාතික කාන්තාවක් විසින් එය පවත්වාගෙන යන අතර ඇය පවසන්නේ දිනකට සහල් කිලෝග්‍රෑම් 400ක් සහ මාළු කිලෝග්‍රෑම් 50ක් සුනඛයින් සඳහා අවශ්‍යවන බවය.

එමෙන්ම මෙම මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 50ක පමණ පිරිසක් රැකියාවේ නරත වෙන බවද ඇය වැඩිදුරටත් පවසා සිටියා ය.වීඩියෝ පහතින් නරඹන්න (උපුටාගැනීම – අද දෙරණ)

Next Post

දැඩි තීරණ රැසක් - ක්‍රීඩකයන්ගේ ගෙවීම් කප්පාදු කරයි - සභාපති ධූරයට මහේල ජයවර්ධනට

Thu Jan 28 , 2021
අසන්ත ද මෙල්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති,හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කරනු ඇතැයි වාර්තා වනවා. දැනට තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි සදහන් […]

Breaking News