සුරංගි සහ දනුෂ්ක පාසලේදී බැදුණු පෙම දළු ලා වැඩෙන්නට විය. 2016 මාර්තු මස ඒ අවාසනාවන්ත දිනය උදාවිය. අලුත් අවුරුද්දට ඇදුම් ගන්න ගිය හිරිමල් තරුණ පෙම්වතුන් යුවල නිවසට එන විට අතරමගදී රිය අනතුරකට මුහුණ දීමට සිදු වුනා. ඒ වන විටත් 2016 වර්ෂයේදී ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමට සදහා සියලු කටයුතුද ටික ටික එකලාසයක් කරගෙනයි සිටියේ .
මොනවා කරන්නද රිය අනතුරට මුහුණ පෑ ධනුෂ්ක තරමක් සුව ලැබුනත් සුරංගි ගාල්ලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කලේ ඇයගේ පාදයේ රෝගී තත්වය තරමක් බරපතල බැවිනි. දින තුනක් පමණ රෝහල් ගත කර ප්‍රතිකාර ලබන අතර තුර උදැසන පැමිණි වෛද්‍යවරයා සුරංගිට පැවසුවේ අහස පොලොව පවා නොසිලිය හැකි දුක්මුසු පණිවිඩයකි
එනම් ඇයගේ පාදයේ දණහිසෙන් පහල කොටස කපා ඉවත්කළ යුතු බවයි.මොනවා කරන්නද ජිවිතේ හැටි මෙහෙම තමයි සිත හදා ගත් සුරංගි අවුරුදු ගණනක් තමා ලොකු මහත් කල මව්පියන්ගෙන්ද මේ පිලිබදව විමසන ලෙස වෛද්‍යවරුන්ට පැවසුවා. අවසානයේ වෛද්‍යවරුන් සුරන්ගිගේ කකුල දණහිසෙන් පහල කොටස කපා ඉවත්කලා.
2016 විවාහ වෙන්න දින යොදාගෙන සිටියත් මේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම නිසා සුරංගි – ධනුෂ්කගේ විවාහය ඉකුත් ජනවාරි 14 වෙනිදා පැවැත්වුනා . සමාජ ජාල මාධ්‍ය වල මේ වන විට මේ ජයාරූප පෙළ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත.සුරංගි සහ ධනුෂ්කට වෙබ් ගොසිප් 24 අපිත් සුබ පතනවා. ජායාරූප සහ තොරතුරු ලබා දීම වෙනුවෙන් Studio Dreamlight Galle විශේෂ ස්තූතිය