දකුණේ ගැම්මට හරි හරියට වෙන ඉන්දන මගඩිය – බලාගෙනයි මීටරේ – පාට – සුවද බලලම තෙල් ගහන්න

අම්බලන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් අම්බලන්ගොඩ ඉන්ධන පිරවුම් පොළෙන් සිය වාහනවල ඉන්ධන ටැංකියට පුරවන පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ඇතැයි කියමින් අද (27 ) වාහන  රියදුරන් හා එම ඉන්ධන පිරවුම් පොලේ සේවකයින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

අතිවූ තත්ත්වය මැඩ පැවැත්වීමට පිරවුම් පොළ අසළට පොලීසියද කැදවීමට සිදුවිය.   

තමන් ධාවනය කරනු ලබන රථ වාහනවලට ගැසූ පෙට්‍රල් වල භූමිතෙල් අන්තර්ගතව ඇතැයි කියමින් වාහන රියදුරන් පිරිසක් අද (27 ) අම්බලන්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම් පොළට සිය වාහන ගාල් කරමින් කෑකෝ ගැසීමත් සමගම මේ උණුසුම් තත්ත්වය හට ගත්තේය.

මෙහිදී රථ වාහන රියදුරන් හා ඉන්ධන පිරවුම් පොලේ සේවකයින් අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක්ද  සිදු විය.

මේ තත්ත්වය එන්න එන්නම වර්ධනයවීමත් සමඟම සේවකයින්ට පොලීසිය හා සිය ආයතන ප්‍රධානීන් කැඳවන්නටද සිදුවූහ.

අම්බලන්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම් පොලෙන් ගැසූ පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ඇති නිසා සිය වාහන ධාවනය කිරීමට නොහැකි බව කියමින් රථ වාහන රියදුරන් පිරිස් කෑකෝ ගසමින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර තමන්ටවූ අසාධාරණයට සාධාරණයක් කර දෙන ලෙස ඉල්ලා සිටියහ.

මේ අතර ඉන්ධන පිරවුම් හලක් වෙත ගොස් රුපියල් 1500ක් ලබා දී ඉන්ධන ලබා ගත් පුද්ගලයෙකු හට එම ඉන්ධන හලේ සේවකයින් පිරිසක් වීසින් රුපියල් 150 ක සරිලන ආකාරයට ඉන්ධන ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.

හම්බන්තොට ඉන්ධන පිරවුම් හලකින් මෙම පුවත වාර්තා වෙනවා. එනම්, ඉන්ධන පිරවීමේ දී එතරම් සැලකිල්ලක් නොදැක්වූ පාරිභෝගිකයෙකු රවටා මුදල් ලබා ගත් මෙම සේවකයින් තිදෙනා ගේ වැඩ තහනම් කිරීමට දා මේ වන විට කටයුතු කර තිබෙනවා. අදාල පරිභෝගිකාට ඇති වූ සැකයක් හේතුවෙන් මෙම පිරවුම් හලට නැවත පැමිණ එහි කළමනාකරු දැනුවත් කොට ඉන් අනතුරුව සිදු කල cctv දර්ශන අනුව මෙම වංචාව හෙළි කර ගෙන තිබෙනවා.

Next Post

ඇමති අරුන්ධිකට දවස් 4ක් උණ තිබිලා - පොකුර 2000 වඩා වැඩි වෙයි - චතුරත් ඒ අතර

Wed Jan 27 , 2021
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද කොරෝනා වෛරසය වැළදි ඇතැයි තහවුරු වී තිබේ.තමා ඊයේ දිනයේදි පෞද්ගලික රෝහලකින් පී සී ආර් පරීක්ෂණයක් කළ අතර ඉන් අද (27) ලැබුණු ප්‍රතිඵලය අනුව තමාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වූ බව අමාත්‍යවරයා කියා සිටී. කොරෝනා වෛරසය වැළදුනු 7 වැනි පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේද අරුන්දික ප්‍රනාන්දු […]