රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද කොරෝනා වෛරසය වැළදි ඇතැයි තහවුරු වී තිබේ.තමා ඊයේ දිනයේදි පෞද්ගලික රෝහලකින් පී සී ආර් පරීක්ෂණයක් කළ අතර ඉන් අද (27) ලැබුණු ප්‍රතිඵලය අනුව තමාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වූ බව අමාත්‍යවරයා කියා සිටී.
කොරෝනා වෛරසය වැළදුනු 7 වැනි පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේද අරුන්දික ප්‍රනාන්දු මහතාය.ඒ මහතාට දින 4ක් මුළුල්ලේ උණ පැවැතී තිබූ බවද වාර්තා වේ.
ඒ මහතා පසුගිය දිනවල ජනතාව සහභාගිවූ රැස්වීම් ගණනාවකට සහභාගිවී ඇති අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රියන් ප්‍රමාණය 2000 ඉක්මවනු ඇතැයි ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් වාර්තා විය.
මේ අතර, වන ජිවී හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක මහතා ද අරුන්දික මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් අතර සිටින බව පැවසේ.ඒ ඔහු සහභාගි වූ වලපනේ ප්‍රදේශයේ රැස්වීමකට සී.බී. මහතා සහභාගිවීම නිසාය.
මීට අමතරව අරුන්දික මහතා දෙරණ රූපවාහිනී නාලිකාවේ බිග් ෆෝකස් වැඩසටහනට ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුභාරතී වැඩසටහනට ද පසුගිය දිනවල සහභාගිවී ඇති බව වාර්තා වේ.මේ අනුව, දෙරණ නාලිකාවේ චතුර අල්විස් මහතා ද පළමු පෙළ ආශ්‍රිතයෙක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.