ගම්මන්පිලගේ යෝජනාවට කැබිනට් මණ්ඩලයම එරෙහි වෙයි – ජනාධිපති ගත් තීරණය මෙන්න

වතු කම්කරුවන් සදහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට උපදෙස් දී ඇත.ඒ ඊයේ (25) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමේදීය.

ඒ සදහා මහා භාණ්ඩාගාරය සමග ද සාකච්ඡා කර වතු කම්කරු වැටුප පොරොන්දු වූ පරිදි වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ඉන්ධන මිල සංශෝධනයක් කරන ලෙසට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල ඉදිරිපත්කළ ඇමැති මණ්ඩල යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (25 වැනිදා) රාත්‍රියේ පැවැත්විණි. යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මිල සංශෝධනයක් කර ජනතාවට අසීරුතාවට පත් කළ නොහැකි බවයි. හැකි නම් ඉන්ධන සඳහා අය කරන බදු අඩු කිරීමට ඇති හැකියාව මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 57 දක්වා වැඩි වී ඇති බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පෙන්වා දී තිබේ. එම නිසා සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 16කට අධික පාඩුවක් ලබන බව ඔහු ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇත.

Next Post

රා කර්මා­න්ත­යට ‘මහ­ත්වරු’ එක්වෙති - විශාල පිරිසක් දැනටම අයදුම් කරලා

Tue Jan 26 , 2021
පොල් රා කර්මාන්තයේ රා මදින මහත්වරු සඳහා මසකට රුපියල් 150,000ක වැටුපක් සහිත පැකේජයක් ශ්‍රි ලංකාව තුළදිම… මෙය ඇදහිය හැකිද? එහෙත් එය සත්‍යයකි. ජනවාරි 13 පුවත්පතක එසේ දැන්වීමක් පළවිය. පොල් රා කර්මාන්තයේ රා මදින්නන් සඳහා ගෙවන මුලික වැටුප රුපියල් 20,000කි. සේවයට වාර්තා කිරීමේ දීමනාව රුපියල් 5,000කි. රා ලීටයරයක් සඳහා දීමනාව 26.50වාර්ෂික […]

Breaking News