ජනාධිපති පැමිනෙන්න කලින් හොඳ නම ගන්න නිලධාරින් කරන්න ගිය වැඩක් ගම්මු නිසා වැලකේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පැමිණිමට පෙර නවගත්තේගම මොරගහවැව ගම්මානයේ  අබලන් වි ඇති මාර්ගය පැලැස්තර දැමීමට සූදානම් වූ රාජ්‍ය නිලධාරින්ට අද ( 26)  ගැමියන්ගේ දැඩි විරෝධය  එල්ල විය.පෙබරවාරි මාසයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවන “ගම සමග පිළිසදරක් ,, හමුවට  නවගත්තේගම මොරගහවැව ගම්මානය තෝරාගෙන තිබේ.

එහිදි ජනාධිපතිවරයා පැමිණිමට නියමිත මොරගහවැව මාර්ගය මේ වන විට ස්ථාන කිපයකදී අබලන් වි ඇති බවත් ජනාධිපතිවරයා පැමිණිට පෙර අබලන් වු මාර්ගය තාවකාලිකව බොරළු දමමින් සකස් කිරිමේ කටයුතු අද  කළ අතර එහි  නිරික්ෂණයට නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් හර්ෂණ රාජකරුණා මහතා  පැමිණිමත් සමඟ  මෙම  විරෝධය මතු විය.

2014 වසරේ කෝටි ගණනක් වැය කරමින් දැයට කිරුළ ව්‍යාපෘතිය යටතේ මෙම මාර්ගය සැතපුම් අටකට ආසන්න දුරක් සකස් කළ අතර එහි නිසි ප්‍රමිතියකින් තොරව ඉදි කිරිම නිසා මාර්ගය අබලන් වු බව ගැමියෝ කියති.එසේ තිබියදී සියලුම රාජ්‍ය ආයතන වලට අවස්ථා ගණනකදි මෙම විනාශය පිළිබදව දැනුම් දුන්නද ඒ සදහා ජනාධිපති විමර්ශනයක් යන බව පවසමින් එම මාර්ගයේ අබලන් වු ස්ථාන වසර 7 ක් යන තුරුත් සකස් නොවු බවට ජනතාව නිළධාරින් හමුවේ  ඔවුහු පැවසූහ.

එසේ තිබියදී කඩිමුඩියේ ජනාධිපතිවරයාට පැමිණිමට පමණක් මාර්ගයේ පැලැස්තර  දැමිම තමන් අනුමත නොකරන බව ද ගැමියෝ කීහ.මෙහිදි එම ස්ථානයට පැමිණ  සිටි පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්ලියු.ඒ. රවින්ද්‍ර වික්‍රමසිංහ මහතා විරෝධය මතුකළ ජනතාවට මෙසේ දන්වා සිටියේය.ඔබතුමාලාගේ විරෝධය අපි පිළිගන්නවා .නමුත් ජනාධිපතිතුමා මෙම මොරගහවැවට එන්නෙත් මේ වාගේ ගැටළු වලට පිළියම් ලබා දෙන්න.

එහිදි ඔබතුමාලා ජනාධිපති තුමාට මේ ගැටළු ඉදිරිපත් කරන්න. එතෙක් මේ මාර්ගයේ අබලන් වු ස්ථාන වල ගල් ගලවලා බොරළු දමා සකස් කරන්න ඉඩ දෙන්න.මොකද ජනාධිපතිතුමා එන හමුවට වාහන 100 ක් විතර එන්න පුළුවන් එවිට මේ මාර්ගයේ පවතින තත්වය නිසා ගැටළු මතු වෙනවා යැයි පවසන්නට විය.මෙහිදි ජනතාව පවසා සිටියේ තමන් දිගින් දිගටම නිළධාරින්ගේ  බොරු වලට අසුව ඇති බවයි.මේ නිසා නිළධාරින් පිළිබදව තමන්ට විශ්වාසයක් නැති බව විරෝධතාකරුවේ පැවසූහ.

Next Post

Facebook පාවිච්චි කරන ඔයාට සුබ පණිවිඩයක්

Tue Jan 26 , 2021
ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ විශේෂ රුධිර පරිත්‍යාග විශේෂාංගය මෙරට පරිශීලකයින්ට හෙට සිට හිමිවන බව වාර්තා වනවා. නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම සඳහන් කළේ එම විශේෂාංගය හිමිවන ලොව 29 රට ශ්‍රී ලංකාව වන බවයි . සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික රුධිර පාරවිලන සේවය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවන අතර […]