අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි – රෝග පාලනය කරන්න බැරි වුනා

කොරෝනා වසංගතය හමුවේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ලවීම හේතුවෙන් ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොණ්ටේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් වෙයි. වෛරසය හේතුවෙන් ඉතාලියේ අසූපන්දහසක් දෙනා මේ වනවිට මරණයට පත්වී ඇත. මෙම ඉල්ලා අස්වීම ඔහු සිය කැබිනට් මණ්ඩලයට අද පෙරවරුවේ තහවුරු කර තිබේ.

නමුත් පසුගිය සතියේ ඉතාලි සෙනෙට් සභාවේ පැවති ඡන්ද විමසුමකදී අග්‍රාමාත්‍ය ගියුසෙප් කොන්ටෙ ජයග්‍රහණය කිරීමට සමත්ව තිබුනා.

මෙම ජයග්‍රහණයත් සමග ඉතාලි අග්‍රාමාත්‍යවරයාට තවදුරටත් බලයේ රැඳී සීටීමට හැකි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ. සෙනෙට් සභාවේ චන්ද 156 ට 140 ක් ලෙස ජයග්‍රහණය හිමි වුණා. කෙසේ වෙතත් සෙනෙට් සභිකයින් 16 දෙනෙකු ඡන්දය භාවිත කළේ නැහැ.

ඉතාලි අග්‍රාමාත්‍යවරයාට එහිදී පැහිදිලි බහුතරයක් තවමත් නොමැති බවයි දේශපාලන විචාරකයන් සඳහන් කලේ. හිටපු අග්‍රාමාත්‍ය මතායෝ රෙන්සිගේ නායකත්වයෙන් යුතු දේශපාලන පක්ෂය පාලක සභාගාන්ඩුවන් ඉවත් වීමත් සමඟ අග්‍රාමාත්‍යවරයාගේ සහ රජයේ පැවැත්ම අස්ථාවර වුණා.

ඉතාලියේ අග්‍රාමාත්‍ය ජුසෙප්පේ කොන්තේ මහතා පසුගිය මාර්තු මස සිට කොරෝනා වසංගතය සදහා අපරිමිත සටනක නිරත විය , ඒ මහතා වාමාංශික රජයක අග්‍රාමාත්‍යවරයකු ලෙස කටයුතු කලා විශේෂයෙන් විජාතික හා සංක්‍රමණික ජනතාව දෙස සානුකම්පිතව බැලූ සහ සැලකූ ඔහු මානව හිතවාදී අග්‍රාමාත්‍යවරයෙකු ලෙස ඉතාලි දේශපාලන ඉතිහාසයට එකතුවිය. කොරෝනා සමයේදී රැකියා අහිමි වූවන්ට වැටුපෙන් 80%මුදලක් රජය මගින් ලබාදීම, ආහාර පාන සෞඛ්‍ය සියළු දේ මනා කලමනාකරණය කල ඔහු යුරෝපයේ දැනට වැඩිම කොරෝනා එන්නත් ප්‍රමාණයක් ලබාදුන් රට බවට ඉතාලිය පත්ව තිබේ.විසා නොමැති අයට පසුගිය වසරේ නිත්‍යානුකූල රැදීසිටිමේ බලපත්‍ර ලබාදුන්හ.

Next Post

තවත් අමාත්‍යවරයෙකුට ආසාදනය වෙයි - පී.සී.ආර්. පරීක්ෂණවලින් මන්ත්‍රීවරු කට්ටි පනිති

Wed Jan 27 , 2021
කොවිඩ් 19 අසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වලට යෙමුවන්න‘යි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ආයාචනය කරයි. පාර්ලිමේන්තුවේ මෙතෙක් සිදුකළ පීසීආර් පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ ආණ්ඩු පක්ෂ සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු 90 දෙනෙක් පමණ බවද වාර්තා වේ. පසුගිය දිනවල පාර්ලිමේන්තුවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 4 […]