Facebook පාවිච්චි කරන ඔයාට සුබ පණිවිඩයක්

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ විශේෂ රුධිර පරිත්‍යාග විශේෂාංගය මෙරට පරිශීලකයින්ට හෙට සිට හිමිවන බව වාර්තා වනවා.

නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම සඳහන් කළේ එම විශේෂාංගය හිමිවන ලොව 29 රට ශ්‍රී ලංකාව වන බවයි .

සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික රුධිර පාරවිලන සේවය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවන අතර රටපුරා විහිදී ඇති රුධිර බැංකු 24ක් මෙම නව විශේෂාංගය සමග එක් කොට තිබෙනවා.

වයස අවුරුදු 18-55 දක්වා වන පරිශීලකයින් හට හෙට සිට මෙම නව විශේෂාංගය සමග ලියාපදිංචිවීමට අවසරය ලැබෙන අතර රුධිර පරිත්‍යාගය කිරීම් සහ රුධිර අවශ්‍යතාවයන් සම්බන්ධ ඉල්ලීම් ඒ හරහා ලැබීමට නියමිතව තිබෙනවා.

Next Post

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි - රෝග පාලනය කරන්න බැරි වුනා

Tue Jan 26 , 2021
කොරෝනා වසංගතය හමුවේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ලවීම හේතුවෙන් ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොණ්ටේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් වෙයි. වෛරසය හේතුවෙන් ඉතාලියේ අසූපන්දහසක් දෙනා මේ වනවිට මරණයට පත්වී ඇත. මෙම ඉල්ලා අස්වීම ඔහු සිය කැබිනට් මණ්ඩලයට අද පෙරවරුවේ තහවුරු කර තිබේ. නමුත් පසුගිය සතියේ ඉතාලි සෙනෙට් සභාවේ පැවති ඡන්ද […]

Breaking News