ලයිෂන් නැතිව රිය පැදවූ SSPගේ දුව වාහන පොඩි කරයි – බොරැල්ලෙ ට්‍රැෆික් OIC ගෙ ජීවිතය අහිමි කලේත් සොහොයුරා – ජායාරූප

බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය ධාවනය කළ අති සුඛෝපභෝගී රියක් කොළඹ 7, කුරුඳුවත්ත ප්‍රදේශයේ වාහන අලෙවිසලකට කඩා වැදී ඇත.ඇයට රියදුරු බලපත්‍රයක් පවා නැතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

ඉන් එම වෙළෙඳ ආයතනයට බරපතළ අලාභහානි සිදුවී ඇත. මෙම තරුණියගේ සොයුරාද 2019 මාර්තු 9 වැනිදා නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීමෙන් වූ අනතුරකින් එවකට බොරැල්ල පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිගේ ජීවිතයද අහිමි වී ඇති බවද පොලිසිය පවසයි.

මේ සම්බන්ධව නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ;

‘නිසි විමර්ශන කුරුඳුවත්ත පොලිසිය විසින් සිදුකරන බව හා රිය පැදවූ බව කියන තරුණියට රියදුරු බලපත්‍රය ​නොමැති බව හෙළි වී ඇති බවයි.

ඉදිරි විමර්ශන කුරුඳුවත්ත පොලිසිය සිදුකරයි.





Next Post

හැදෙන රට වෙනුවෙන් සුපිරි මෙහෙයුමක් කළ ලාංකිකයා

Fri Dec 11 , 2020
2021 ලංකාවේ ආර්ථිකය කොහොම වේවි දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. කොරෝනා හමුවේ රටේ ආර්ථික දියුණුව ගැන හිතන්න නොහැකි බව බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙනවා. ඒත්, අපේ රටේ මුදල් මෙරටදීම ඉතුරු කරන ගමන් විදේශ විනිමය ගෙනඑන්නට හැකි දැවැන්ත සිමෙන්ති කර්මාන්තශාලාවක් මේ වෙද්දී මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63ක භූමි භාගයක ඉදිවෙමින් […]