තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.
ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 29ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
මිනුවන්ගොඩ හා පෑළියගොඩක කොවිඩ් පොකුරුවලට අදාළව ඊයේ (04දා) පුද්ගලයන් 443ක් කොවිඩ් – 19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
මෙම පොකුරු දෙකට සම්බන්ධව පුද්ගලයන් 8,713 ක් කොවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වී තිබේ. එයින් පුද්ගලයින් 1,041 දෙනෙකු එම මිනුවන්ගො ඇඟලුම් කම්හලේ සේවකයන්ද, පුද්ගලයින් 1,007 දෙනෙකු පෑලියගොඩ මාළු වෙළඳපොල හා සම්බන්ධ පුද්ගලයින් වන අතර, පුද්ගලයින් 6,665 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මාළු වෙළඳපොලට සම්බන්ධ ළඟම ආශ්‍රිතයන් වේ.
සමස්ත ආශ්‍රිතයන්ගෙන් 2,024 දෙනෙකුද මේ වනවිට පුර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් ඇත.