රටම වසා දැමීමේ පියවර ගැනීමෙන් වැළැකීමට නම් අවදානම් කලාපවල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (30) පැවැසීය.
රතු හෙවත් අවදානම් කලාප සීමා වසා දමමින් ඒවායේ සංචරණ සීමා 80%ක් වත් ක්‍රියාත්මක කළ හැකි නම් රට වසා දැමීමේ අවදානමෙන් වැළැකිය හැකි යැයි ද හෙතෙම කීය.
මේ වනවිට ශීතාගාරවල පී.සී.ආර්. සාම්පල 20,000 පමණක් සිර වී තිබෙන බවත් පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීම ප්‍රමාද වුවහොත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නැති බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.
‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය රට පුරා ව්‍යාප්ත වීම වළක්වා ගැනීමටත් වයිරසයෙන් රට ආරක්ෂා කරගැනීමටත් අහඹු පරීක්ෂණ කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කළ බවත් හෙතෙම වැඩිදුරටත් කීය.
නව ආසාදිතයින් 314 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතයින් ගණන 10 000 ඉක්මවා ගොස් තිබේ.ඒ අනුව මෙරට වාර්තාගත සමස්ථ ආසාදිතයින් ගණන 10,105 දක්වා ඉහළ ගොස් ඇත