කොවිඩ් ආසාදිතව ඉතාලියේදී මිය ගිය පළමු ලාංකිකයා – තවත් ශ්‍රී ලාංකිකයන් රැසක් අසාධිතව

කොවිඩ් 19 ආසාධනය වීමෙන් ඉතාලියේ මිලාන් නගරයේ ජිවත් වූ ලාංකිකයෙකු අද (27දා) මියගොස් තිබෙන බව මිලාන් නගර සභා සෞඛ්‍ය  කාර්යාලය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණැගල ප්‍රදේශයේ පදිංචි වසර කීපයක සිට තම පවුලේ සමාජිකයන් සමග ඉතාලියේ  ජිවත් වු 56 හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.

මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ව මේ වන විට නිවස තුළම නිරෝධායනට ලක් කර ඇති බවත් ඔහුගේ අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුකූලුව සිදු කිරිමට නියමිත බවත් මිලාන් නගර සභා සෞඛ්‍ය  කාර්යාලය පැවසීය.

මේ සම්බන්ධයෙන් විමසිමේදී ඉතාලියේදි කොවිඩ් ආසාධනයෙන් මියගිය පළමු ලාංකිකයා බවට තොරතුරු ලැබී තිබෙන බව ඉතාලියේ මිලාන් ශ්‍රීලංකා  කොන්සල් ජනරල් කාර්යාලය පැවසීය.

ඉතාලියේ දෙවන කොවිඩ් රැල්ලත් සමග වැඩිම ආසාදිතයන් වාර්තා වන ලොම්බාර්දියා ප්‍රාන්තයට අයත් මිලාන් නගරය  ආශ්‍රිතව ජීවත් වන ලාංකිකයන් රැසකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබෙමින් තිබෙන බවත් ඔවුන්ගේ සුභ සාධන කටයුතු වෙනුවෙන් හැකි ආකාරයෙන් සොයා බලමින් තිබෙන බව කොන්සල් ජනරල් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

Next Post

රටම වසා දැමිමේ අවදානමක් - වෛද්‍ය සංගමය දක්වන හේතු මෙන්න

Fri Oct 30 , 2020
රටම වසා දැමීමේ පියවර ගැනීමෙන් වැළැකීමට නම් අවදානම් කලාපවල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (30) පැවැසීය. රතු හෙවත් අවදානම් කලාප සීමා වසා දමමින් ඒවායේ සංචරණ සීමා  80%ක් වත් ක්‍රියාත්මක කළ හැකි නම් රට වසා දැමීමේ අවදානමෙන් වැළැකිය හැකි […]